Gossip

මුහුදු ගිහින් මියගියා කියපු පුද්ගලයා වෙරළට ගසාගෙන එනකන් ඥාතීන් බලන් සිටියත් මැරිච්ච කෙනාට දවස් 10කින් පස්සේ පණ ඇවිත්

මන්නාරමේ – පේසාලේ ප්‍රදේශයෙන් මුහුදට වැටී අතුරුදන් වූ ධීවරයෙක් දින 10කට පසුව පසුගිය 17වනදා ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.

ඉන් අනතුරුව ඉන්දියාවේ රාමේස්වරන් පොලිසියට භාර දී ඇති බවටයි වාර්තා වන්නේ.

අන්තෝනි මරියදාස් තිස් හත් හැවිරිදි ධීවරයෙකුයි මෙලෙස සොයා ගෙන ඇත්තේ.

අදාළ ධීවරයා තවත් ධීවරයින් තුන් දෙනෙකු සමඟ මුහුදු ගිය අවස්ථාවේදී ධීවර බෝට්ටුව සැඩ පහරකට හසු වීමෙන් ඔහුව මුහුදට වැටී නොපෙනී ගොස් තිබෙනවා.

ආපසු පැමිණි ධීවරයින් මේ බව මරියදාස් ගේ නිවසේ උදවියටත් පොලීසියටත් නාවික හමුදාවටත් දැණුම් දී ඇති අතර මේ සිද්ධිය වූ දිනයට පසු දා සිට මරියදාස් ගේ පවුලේ ඥාතීන් හා සහෝදර ධීවරයින් මරියදාස් ගේ මළ සිරුර ගොඩට ගසාගෙන එනු ඇතැයි බලාපොරොත්තුවෙන් පේසාලේ මුහුදු වෙරළ ආසන්නයේ රැඳී සිටීම පුරුද්දක් කරගෙන සිටියා.

හදිසියේම ඉන්දියාවේ රාමේස්වරන් පොලීසියෙන් හා ඉන්දීය ධීවර සමීතියක සභාපතිවරයෙකු මරියදාස්ගේ නිවසට දුරකතනයෙන් කතා කොට පවසා ඇත්තේ ඔහුව රාමේස්වරන් පොලීසිය වෙත බාර දී ඇති බවයි.

සුළි කුණාටුවට හසු වී මුහුදට වැටුණු මරියදාස් මුහුදේ පාවෙමින් දකුණු ඉන්දියාව දෙසට ගසාගෙන යමින් සිටියදී ඉන්දීය ධීවරයින් පිරිසක් ඔහුව දැක බේරාගෙන ඔවුන්ගේ ටෝලර් යාත්‍රාවට නංවාගෙන තිබෙනවා.

ඒ වන විටත් සිහිසුන්ව සිටි මරියදාස්ට ප්‍රථමාධාර දී ඔහුට සුවය ලබා දී ටෝලර් යාත්‍රාව රාමේස්වරන් ප්‍රදේශයට ළගා වූ පසුව ඔහුව ඉන්දීය ධීවරයින් විසින් රාමේස්වරන් පොලීසියට බාරදී තිබෙනවා.

මරියදාස් දරුවන් හතර දෙනෙකුගේ පියෙක්.

ඔහුව ආපසු මන්නාරමට ගෙන්වා ගැනීම සඳහා මන්නාරමේ ධීවර සමීති හා පවුලේ සාමාජිකයින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හමුවීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!