Gossip News

මුස්ලිම් අන්තවාදීන්ගේ ගිණුමේ ලක්ෂ 9900ක මුදලක්

ඩුබායි කේන්ද්‍ර කරගත් මත්කුඩු ජාවාරම්කරුවන් සමග එක්වී නැගෙනහිර පළාතේ ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ සංවිධානයක රුපියල් කෝටි සියයකට ආසන්න මුදල් සංසරණය වූ ගිණුමක් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සොයාගෙන ඇත.

පානදුර කෙසෙල්වත්තෙන් අත්අඩංගුවට ගත් මොහමඩ් අක්ෂාන් නමැති සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණය වී ඇත.

මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පෙරේදා (14 වැනිදා) භාරදුන් බවත්, සැකකරු ළඟ තිබූ ලේඛන අනුව ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනයට මුදල් ලබාදී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

පානදුරේ පිහිටි ඉස්ලාම් බැංකුවක ශාඛාවකින් මෙම සැකකරු රුපියල් ලක්ෂ හතරක මුදලක් අන්තවාදය ප්‍රවර්ධනය කළ බව කියන කින්නියාවේ පිහිටි සංවිධානයේ බැංකු ගිණුමට බැර කර ඇත. ඒ ගැන විමර්ශන අරඹා බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ නවදහස් ගණනක් සංසරණය වූ මෙම ගිණුම සොයාගෙන තිබේ.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මීට මාස කිහිපයකට පෙර පෑලියගොඩ සහ මහබාගේදී මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුනගෙන් කළ විමර්ශනයකදී පානදුරේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පසුව කළ විමර්ශනවලදී මෙම අක්ෂාන්ගේ නිවසේදී මුදල් බැර කළ රිසිට්පත් හා පොත්පත් සොයාගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුරේදී හා බොරැල්ලේදී කාන්තාවන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන විමර්ශන කිරීමේදී ඩුබායි සිටින රහීම් නමැති මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙහෙය වන කුඩු ජාලය සම්බන්ධව හෙළි වී තිබේ. පොරන්කොටුව වත්තේ අමිල හා අක්ෂාන් යන දෙදෙනා මෙම ජාලයේ මෙරට ප්‍රධාන පුරුක් ලෙස කටයුතු කර ඇත.

රු. ලක්ෂ නවදහසක මුදලක් සංසරණය වූ බැංකු ගිණුම ආරම්භ කර ඇත්තේ 2013 වසරේදී රුපියල් එක්ලක්ෂ විසිපන්දහසකිනි.

මෙම ගිණුමට එකවරම මුදල් බැරවෙන්නට පටන්ගෙන ඇත්තේ 2017 වර්ෂයේ පටන්ය. පසුගිය (2020) සැප්තැම්බරය වෙද්දී එහි රුපියල් ලක්ෂ 9900 ඉක්මවා තිබිණි. දිනකට රුපියල් ලක්ෂ හතළිහ, පනහ පවා ගිණුමට බැරවී ඇති බවත්, දිනක් හෝ දෙදිනක් ඇතුළත එම මුදල් ගිණුමෙන් පිටතට ගෙන ඇති බවත් හෙළි වී ඇත.

මෙම විමර්ශනවලින් ගිණුම ගැන හෙළි කරගන්නා විට එහි ශේෂය ලෙස තිබී ඇත්තේ රුපියල් තිස්පන්දාහක් පමණි. පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකකය අධිකරණයෙන් ලබාගත් නියෝග මත ගිණුම දැනට තහනම් කර ඇත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!