Gossip News

‘ඔක්ස්ෆර්ඞ් – ඇස්ට‍්‍රාසෙනෙකා’ කොරෝනා මර්දන එන්නතෙන් රුධිරය කැටි ගැසෙනවා ?

 

රුධිරය කැටි ගැසීම ඇතුළු අතුරු ආබාධ හට ගන්නා බවට පැතිර යන මත හේතුවෙන් ‘ඔක්ස්ෆර්ඞ් /ඇස්ට‍්‍රාසෙනෙකා’ කොරෝනා මර්දන එන්නත සිය රට තුළ භාවිත කිරීම මෙම මස 29 වැනිදා තෙක් තාවකාලිකව අත්හිටුවීමට නෙදර්ලන්තය තීරණය කර ඇත. ඔක්ස්ෆර්ඞ් එන්නත ලබා ගැනීමෙන් වැඩිහිටියන්ගේ රුධිරය කැටි ගැසෙන බවට නෝර්වේ රාජ්‍යයෙන් ලැබුණු වාර්තා හේතුවෙන් එන්නත ලබා දීම අත්හිටුවූ 06 වැනි රට වනුයේ නෙදර්ලන්තයයි. මෙයට පෙර ඩෙන්මාර්කය, බල්ගේරියාව, නෝර්වේ, අයිස්ලන්තය හා තායිලන්තය යන රටවල් මෙම එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනුයේ රුධිර කැටි ගැසීමේ අවදානමක් මතු වීම හා ඔක්ස්ෆර්ඞ්/ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීම අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි. ඔක්ස්ෆර්ඞ් එන්නත හා රුධිරය කැටි ගැසීමේ සිද්ධීන් පිළිබඳව අධ්‍යයනයක නිරත වූ යුරෝපා වෛද්‍ය ආයතනය පවසනුයේ එන්නත ලබා ගැනීමෙන් ඇති වන වාසිදායක තත්ත්වයන් එයින් ඇති වනවා යැයි කියන අවදානම් තත්ත්වයන්ට වඩා විශාල වශයෙන් වැඩි බවයි. මේ අතර ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් රැසක් තවදුරටත් ඔක්ස්ෆර්ඞ් කොරෝනා මර්දන එන්නත තම රටවල ජනතාවට එන්නත් කිරීමට තීරණය කර ඇත. මේ වන විට ඔක්ස්ෆර්ඞ් එන්නත් මිලියන 17ක් ලොව පුරා රටවල් විසින් ජනතාවට ලබා දී ඇති අතර මෙතෙක් එම එන්නත හා රුධිරය කැටි ගැසීම අතර සම්බන්ධතාවයක් ඇති බවට විද්‍යාත්මකව පිළිගත හැකි සාක්ෂියක් නැතැයි එම එන්නත් නිපද වූ ඇස්ට‍්‍රාසෙනෙකා සමාගම පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!