Gossip

“මුල් කාලේ නම් සාංකාවක් තිබුණා – දැන් මම ඒ රටාවට පුරුදු වෙලා ඉන්නේ” – මීනා ප්‍රසාදිනී සැමියා නැතිව තනියම ලංකාවට ඇවිත්

මීනා ප්‍රසාදිනී කියන්නේ මිහිරි කටහඬක් හිමි කවුරුත් ආදරය කරන ගායිකාවක්. කොහොමවුණත් මීනාගේ විවාහයෙන් පස්සේ ඇය ලංකාවෙන් ඈත් වෙලා විදෙස් ගත වුණා. ඉතින් මීනා මේ සැරේ තනියම ලංකාවට ඇවිත්. ඒ ගැන වගේම ඇගේ අලුත් තොරතුරු ගැන ඇය පුවත්පතක් හමුවේ කියලා තිබුණේ මේ විදියට.

විවාහයෙන් පස්සේ විදේශගත වෙලා හිටිය මීනා ලංකාවට ආවේ විශේෂ වැඩකටද?
ඇත්තටම මීට කලින් ලංකාවට එන්න හිටියේ. නමුත් ඊට අවශ්‍ය වැඩ ටික පිළියෙළ කරගන්න බැරිවුණා. නමුත් මෙදාසැරේ වැඩ කිහිපයක්ම ලෑස්ති කරගෙන තමයි මම ලංකාවට ආවේ.

මීනා තනියමද ලංකාවට ආවේ?
ඔව්, මම මේ සැරේ තනියම ආවේ. මට කරන්න වැඩ කිහිපයක්ම තිබුණා. ඒකයි මම ලංකාවට ආවේ.

සැමියා මෙදා සැරේ ලංකාවට ආවේ නැත්තේ ඇයි?
එයාගේ රැකියාවේ වැඩ කටයුතුත් එක්ක මේ සැරේ මාත් එක්ක ලංකාවට එන්න එයාට බැරි වුණා. පුළුවන්කම තිබ්බා නම් එයා නෑවිත් ඉන්නේ නෑ.

ලංකාවෙන් ඈත් වෙලා ඉන්න දුකක් නැද්ද?
මුල් කාලේ නම් සාංකාවක් තිබුණා. මම ලංකාවේ ඉන්න කොට මට ගෙදර ඉන්නවත් නිදහසක් තිබ්බේ නෑ. ඉතින් ලංකාවෙන් ගියාම තිබ්බ කාර්යබහුලත්වය අඩු වුණාම තමයි ඒ සාංකාව ඇති වුණේ. ඒත් කාලයත් එක්ක හරි ට්‍රැක් එකට වැටුණා. දැන් මම ඒ රටාවට පුරුදු වෙලා ඉන්නේ.

ලංකාවට ආවම මීනාට කලින් තිබ්බ ඉල්ලුමම ලැබෙනවාද?
ඇත්තටම මම ආවම වැඩ ගොඩකට මට කතා කළා. නමුත් මම වැඩ කිහිපයක් සැලසුම් කරගෙන ආපු නිසා ඒ අලුත් ආරාධනාවලට නම් සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ ගැන කනගාටුයි.

බිරියකගේ වගකීම් එක්ක මීනා කාර්යබහුල වෙලාද?
නැහැ. ජීවිතයේ ලොකු වෙනසක් වෙලා නැහැ. කලින් හිටියාටත් වඩා නිදහසේ ඉන්නේ මම. ඕන කෙනෙක් විවාහ වුණාම ඒ කෙනාට වගකීම් වැඩි වෙනවානේ. ඒත් මම විවාහ වුණාට පස්සේ වගකීම් අඩු වුණා වගේ දැනෙනවා. වගකීම් ලොකු බරක් විදියට දැනෙන්නෙත් නැහැ.

මීනාට වගකීම් අඩු වුණේ සැමියාගෙන් ලැබෙන සහාය නිසා වෙන්න ඇති.
මුල ඉඳලම එයා මට හැමදේටම ලොකු සහායක් දුන්නා. විවාහ වුණාට පස්සෙත් ඒ සහාය ඒ විදියටම ලැබෙනවා.

විදේශගත වෙලා හිටියට සංගීත කටයුතු අතහැරලා නෑ නේද?
නැහැ, මම ඕස්ට්‍රේලියාවේ ඉද්දිත් ජාත්‍යන්තර ප්‍රසංග ගණනාවකට සම්බන්ධ වුණා. ලංකාවේ නොහිටියට සංගීතය අතහැරියේ නැහැ.

ඒ අතර මීනාට විශේෂ වූ ප්‍රසංගත් තියෙනවා නේද?
මම සම්බන්ධ වුණු ජාත්‍යන්තර ප්‍රසංග තුනෙන් ප්‍රසංග දෙකක්ම කුමාර් සානුගේ ප්‍රසංග දෙකක්. මට ඔහු සමඟ ඒ ප්‍රසංගවලදී ගීත ගායනා කරන්න ලැබුණා.

ඒ කියන්නේ මීනාට ජාත්‍යන්තර වේදිකාවේ ඉල්ලුම තියෙනවා කියන එක නේද?
මට ජාත්‍යන්තර ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. නමුත් ඒ ලැබෙන හැම දෙයක්ම භාර ගන්න අපහසුවක් තියෙන්නේ. මම කොහොමත් මටත් වැදගත් වෙන හොඳ දෙයකට සම්බන්ධ වෙන්න තමයි කොහොමත් කැමැති.

මීනා දිගටම විදේශගතව ඉන්නද අදහස?
මම ලංකාවට විටින් විට ඇවිත් යනවා. ලංකාවට නවතින්නම එන දවස මගේ සැමියා තීරණය කරයි. ලංකාවේ වැඩ කිහිපයක් එකතු කරගෙන මම ලංකාවට ඇවිත් යන නිසා ලංකාවේ වැඩවලටත් මට සම්බන්ධ වෙන්න පුළුවන්.

ඒ කියන්නේ මීනා නැති අඩුව දැනෙන්න දෙන්නේ නෑ වගේ?
ඔව්, මම නැති අඩුව ලොකුවට දැනෙන්න ඉඩ තියන්නේ නැහැ.

“කළු හිම” ඔස්සේ ඔබේ හඬත් දැන් අපිට ඇහෙනවා?
ඔව්, උපාලි ගම්ලත් අධ්‍යක්ෂණය කරන “කළු හිම” චිත්‍රපටය දැන් තිරගත වෙනවා. ඒ චිත්‍රපටයට පසුබිම් ගායනයෙන් මම සම්බන්ධ වුණා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!