Gossip

පොඩි පුතාගේ ජීවිතය උදුරාගත් අය යහතින් වැජඹෙන විට ඔබ විඳි දුක ඔය මුහුණේ ඉරියව්වලින් මට පෙනුනා තාත්තේ – පියාගේ වියෝවට පාතාල නායක මධූෂ් එවපු ලියුම

පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියා පසුගිය මස 22 වනදා වූ රිය අනතුරත් සමග 29 වනදා මිය ගියා. කෙසේවෙතත් එම අවමංගල්‍ය කටයුතු අතරතුර ඩුබායි වල වාසය කරන බව කියන මධූෂ් සිය පියාගේ වියෝව වෙනුවෙන් ලියුමක් එවා තිබුණා. මේ එම ලිපියේ අඩංගු වූ කරුණයි.

ආදරණීය තාත්තේ….

අවසන් මොහොතේ ඔබ පපුව මත මගේ මුහුණ තියාගෙන හදවත ඇතුලේ බුර බුරා නැගෙන වේදනාව කෑ ගහලා කියන්න මේ කුරිරු සමාජය ඉඩ නොදුන්නත් මම දන්නවා හැම මොහොතෙම මගේ තාත්තා සෙවනැල්ලක් මෙන් මා පසුපස ඉඳිමින් මට ශක්තිය ධෛර්ය දෙන බව.

තාත්තාගේ පොඩි පුතාගේ ජීවිතය උදුරාගත් ධනපති පංතියේ දේශපාලන නරුමයින් යහතින් වැජඹෙන විට නිහඬ පිය සෙනෙහස වේදනාවෙන් විඳි දුක ඔය මුහුණේ ඉරියව්වලින් මට විනිවිද පෙනුනා තාත්තේ. ඔය වේදනාව තුනී කරන්න අවි අතට ගන්න දෙවරක් සිතුවේවත් පැකිලුණේවත් නැත්තේ සහෝදර ප්‍රේමයට තාත්තාගේ රුධිරය ‌මේ ලේ, මස්, ඇට, නහර තුළ රත්වී වේගයෙන් දිව්වේ මල්ලීගේ ජීවිතය උදුරාගත් නරුමයින් පසුපසයි.

තවත් එවැනිම අහිංසක කොල්ලන්ගේ ජීවිත උදුරා ගන්නට ඉඩ නොදෙමිනි.

රටට සමාජයට වින කරන උන් අකාමකා දමනට අවසන්වරට දිවුරා සපත වෙමි ඔබේ නාමයෙන්.

ඔබේ හදිසි වියෝවෙන් තිගැස්සුනු ලොකු පුතා මම වෙමි.

රටක් පරසිදු පුතෙකු බිහි කල…. පියෙකි නුඹ මරණයද පසු කල

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!