Gossip

පොලිස් ඩමි ගෙදර අරන් ගිය තරුණයන් දෙන්නාට අධිකරණයෙන් ලැබිණු නියෝගය

වේග මීටරය සහිත පොලිස්‌ නිලධාරීන්ගේ සමාන රුව සහිත අනුරුව (ඩමිය) සවිකර තිබූ ස්‌ථානයෙන් ගලවා ගෙන ගිය තරුණයන් දෙදෙනා ලබන 12දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩබලන මහෙස්‌ත්‍රාත් මොහොමඩ් ඉක්‌බාල් මහතා නියෝග කර තිබෙනවා.

පුත්තලම පොලිස්‌ ස්‌ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ මෙම නියෝගය කර තිබුණා.

එසේ රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ පුත්තලම රත්මල්යාය අල්කාසිම්සිටි පදිංචිව සිටි රපීක්‌ මොහොමඩ් සරාඡ් (23) හා නොරොච්චෝලේ පදිංචි උෂ්නතම්බි වහබ්ජීදීන් (21) යන දෙදෙනායි.

පුත්තලම – කොළඹ මාර්ගයේ පාලවිය – වන්තිව් ප්‍රදේශයේ රිය ධාවනයේදී සිදු වන අනතුරු අවම කිරීමේ සහ වේගය පාලනය අරමුණින් මෙම පොලිස්‌ ඩමිය තබා තිබූ අතර පාලවිය ප්‍රදේශයේ තිබූ මෙම ඩමිය 30දා උදෑසන එම ස්‌ථානයේ නොමැති බවට ආරංචි වී තිබෙනවා.

ඒ අනුව පුත්තලම පොලිසියේ රථවාහන අංශය සිදු කළ පරීක්‌ෂණවලින් මෙම ඩමිය හා එය රැගෙන ගිය ලොරි රථය පුත්තලම – තිල්අඩිය අල්කාසිම්සිටි ප්‍රදේශයේ නිවසක තිබියදී සැකකාරයන් දෙදෙනා සමග 31දා සවස අත්අඩංගුවට ගෙන තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!