Gossip

අමාලිට සරසවියේදී නවක වදය දී මරාගත්තේ එකම පාසලක ඉගෙනගත් ශිෂ්‍යාවක්වන මාෂා ද? වසර 03කට පසු ඇමති හෙළි කරපු කතාව

නවක වදය නිසා ඉකුත් 2015 වර්ෂයේදී සියදිවි හානි කරගත් සබරගමුව විශ්ව විද්‍යාලයේ අමාලි චතුරිකා සිසුවිය ගැන නැවත වරක් කතාබහක් ඇතිවී තිබෙනවා.

ඒ ඇගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොලිස් කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමෙන් අනතුරුවයි.

අමාලි චතුරිකා නම් එම සිසුවියගේ මරණයට අදාළ සාක්‌ෂි පොලිසියට ලබා නොදීම සහ වසන් කිරීම සම්බන්ධයෙන් එවකට උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස ද සියදිවි නසා ගැනීමට අදාළ පැමිණිල්ල සම්බන්ධ පරීක්‌ෂණ පැවැත්වීම සහ නඩු පැවරීම පැහැර හැරීම පිළිබඳව හෝමාගම පොලිසියේ එවකට සිටි පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට එරෙහිව පරීක්‌ෂණ පවත්වා සුදුසු දඬුවමක්‌ ලබාදෙන ලෙසද ඇමැතිවරයා තවදුරටත් ඉල්ලා තිබෙනවා.

විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම ශිෂ්‍යයාව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනකුගේ කෲර නවකවධයට ලක්‌ව දැඩි මානසික ව්‍යාධියකට ලක්‌ව ඇතැයි සඳහන් කරන රාජපක්‌ෂ මහතා 2015 වසරේ පෙබරවාරි මස 16 වැනිදා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි ද සඳහන් කර තිබේ.

එම මරණය ස්‌වාභාවික මරණයක්‌ නොවන බවද ඇමැතිවරයා සිය ලිපියේ තවදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සමගම මේ ගැන අලුත් කතාවක් මතුවෙමින් තිබෙනවා.

අමාලි චතුරිකා මිය යාමට පෙර ලිපි කිහිපයක් ලියා සබරගමු විශ්ව විද්‍යාලයේදී තමන් මුහුණ පෑ භයානක ඉරණම පිළිබදව විස්තර කර තිබුනා.

එහිදි ඇයට නවකවදය ලබා දුන් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනාගේ නම්ද ඇය විසින් තමන් අවසන්වරට ලියූ ලිපි වල සදහන් කර තිබුනා. ඇයට දැඩි පීඩාකාරී ලෙස නවකවදය ලබා දී තිබුනේ “මාෂා” සහ “ඉසුරු” නම් ශිෂ්‍යාවන් දෙදෙනෙක්. මෙම සැකකාර ශිෂ්‍යාවන් දෙදෙනාගේ තොරතුරු මාධ්‍යයට හෙළිව තිබෙනවා.

මියගිය අමාලිට පිරිමි සිසුන් ලවා පවා දැඩි ලිංගික හිංසන පවා සිදු කිරීමට “මාෂා” සහ “ඉසුරු” යන ශිෂ්‍යාවන් දෙදෙනා කටයුතු කර තිබෙන බව කියවෙනවා. ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය දර්ශන පෙන්වමින් එම අසභය දර්ශන රඟ දක්වන ලෙසට මාෂා සහ ඉසුරු යන ශිෂ්‍යාවන් දෙදෙනා බල කර තිබේ. සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදි අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලිට දරාගත නොහැකි තරම් වී තිබේ.
සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය. අමාලිට නවකවදය ලබ අදී සිය දිවි නසා ගන්නා තැනට පත්කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා අමාලි මෙන්ම කොළඹ ප්‍රදේශයේම ජීවත් වූ. කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවන් වීම විශේෂත්වයකි.

මෙම සැකකාර තරුණියන් දෙදෙනා පිළිබදව අනාවරණය වූයේ අමාලිට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් බවයි. මියගිය අමාලිද දේවි බාළිකා විද්‍යාලයේම ශිෂ්‍යාවක් වීම විශේෂත්වයකි.

හිංසාකාරී නවකවදය හේතුවෙන් අමාලි මිය යද්දී, අමාලිද අධ්‍යාපනය ලැබූ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේම ඉගෙනුම ලැබූ ඇයට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ මේ වන විට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් විවාහ වී පවුල් ජීවිතය ගත කරමින් සිටියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!