Gossip

ලංකාවේ ඉතිං හරි වැරැද්ද හොයලා බලන්නේ නැතිවනේ කතා කරන්නේ – මහේෂිත් එක්ක සිංගප්පූරු ගිහින් හැදුණු කතාවට ටනාෂා උත්තර දෙයි

රංගන ශිල්පිණී මහේෂි මදුශංකා සහ නිරූපණ ශිල්පිණී ටනාෂා හතුරුසිංහ මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල දැඩි ලෙස කතාබහකරන චරිත 2 ක් වෙලා තියෙනවා. ඒ ඔවුන් දෙදෙනා විදෙස් රටකට යාමේදී වූ සිද්ධියක් සම්බන්ධයෙනුයි. ගුවන් යානයේ නියමු කුටියේ නියමු කුටියේ ගමන් ගත් බවට කියැවෙන කටකතාවක් ගැනයි මේ විදියට සමාජජාලා මාධ්‍යයන්වල පළ වෙන්න ගත්තේ. ඉතින් මේ ගැන ටනාෂා පුවත්පතකට කියලා තිබුණේ මේ විදියට.

ටනාෂා දැන් නිරූපණයෙන් ඈත්වෙලා කියන්නේ ඇත්තද?
දැන් නිරූපණයෙන් ඈත්වෙලා නැහැ. හැබැයි ඉස්සර වගේ නිරූපණ වැඩවලට කාලය යොදවන්න විදිහක් නැහැ. ඒත් මම තෝරාබේරාගෙන නිරූපණ වැඩවලට සහභාගි වෙනවා.

ටනාෂා ගැන මේ දවස්වල සමාජ වෙබ් අඩවි හරියට කතාබහ වෙනවා?
අපි සිංගප්පූරු සංචාරයක් ගියා. ඒ අවස්ථාවේදී අපිව ගුවන්යානයේදී දැනහදුනාගෙන මටයි මහේෂි මධුසංකා අක්කිගෙයි රසිකයෝ කියලා අපෙන් ඇහැව්වා පාලක මැදිරිය බලන්න කැමැතිද කියලා. ඊට පස්සේ යානය ගොඩබැස්සුවාට පසුව අපිව පාලක මැදිරිය නරඹන්න එක්කගෙන ගියා. හැබැයි ගොසිප්වල තියෙන්නේ ගුවන්ගමන අතරතුර ගියා කියලා. අපිත් එක්ක ගුවන් යානයේ ගිය අය පවා මුහුණුපොතේ සදහන් කරලා තිබුණා ඇත්තම කතාව මොකක්ද කියලා. ගොසිප් සයිට්වල දාලා තියෙන්නේ හරියට හොයලා බලලා නෙමෙයි. අපි පාලක මැදිරියට ගියා” ආහාර පාන ගත්තා කියලා. අනේ එහෙම කිසිම දෙයක් වුණෙ නැහැ.

සමාජ ජාල පළකළ කතාව බොරුවක් ?
ඔව්. ඒ කතාව බොරුවක්. අපිත් එක්ක මේ ගමන ගිය අය දන්නවා ඇත්ත මොකක්ද කියලා. ගොඩක් අය ඇත්ත කතාව මොකක්ද කියලා ක්මෙන්ට් කරලා තිබුණා. ඒ ගොසිප් එක බොරුවක්.

කතාව බොරුවක් නම් මේ වගේ කතාවක් වෙබ් අඩවි වල පළකළේ ඇයි ?
අපිත් දන්නේ නැහැ. ඒ කතාව දැනගත්තාට පසුව අපිත් පුදුම වුණා. මම තමයි මුලින්ම ගොසිප් එක දැක්කේ. ඊට පස්සේ මම තමයි මහේෂි අක්කිට කිව්වේ. අපිත් ඒ කතාව දැකලා පුදුම වුණා. ඒකේ දාලා තිබුණේ ගුවන් ගමන අතරතුර පාලක මැදිරියට ගියා කියලා. ගුවන් ගමන අතරතුර පාලක මැදිරියට යන්න තහනම්. ඒක අපි දන්නවා. අපි එහෙම කළේ නැහැ. යානය ගොඩබැස්සුවාට පසුව තමයි පාලක මැදිරියට ගියේ. මම දන්නේ නැහැ ඇයි එහෙම දැම්මේ කියලා.

මහේෂි මොනවාද ඔයත් එක්ක මේ ගැන කිව්වේ ?
මහේෂි අක්කාත් සෝෂල් මීඩියාවල දාලා තිබුණා ඇත්ත කතාව මොකක්ද කියලා. අනික අපි කරපු දේ ගැන. මට ආපහු කියන්න තියෙන්නේ ඒ කතාව බොරුවක්. ඔවුන් පළ කරලා තියෙන්නේ අපි ලොක්කෙක් එක්ක ගියා කියලා. අපි දන්න ලොක්කෙක් නෑ. අපිට කතා කරපු කෙනා අපිට කතා කළේ අපේ රසිකයෙක් විදිහට. අපි එයාව දැක්කෙත් එදාමයි. අඩුම තරමේ තවමත් අපි ඒ මනුස්සයාගේ නමවත් දන්නේ නැහැ.

මේ වගේ මඩ ප්‍රචාර එනකොට තනාෂාට මොකද හිතෙන්නේ ?
ඇත්තටම හරිම කනාගාටුයි. අපි දන්නවා අපි වැරැද්දක් කළේ නැහැ කියලා. පාලක මැදිරිය නරඹන්න මීට කලින් ගොඩක් දෙනෙක් ගිහිං තියෙනවා. පටු අදහස් එක්ක මේ වගේ ගොසිප් දානකොට කලකිරීමක් තමයි ඇතිවෙන්නේ. සල්ලි හම්බකරන්න අපිව පාවිච්චි කරනකොට ඇත්තටම දුකයි. වැරැද්දක් නොකර ඇයි මේ වගේ දේවල් කරන්නේ.

මේ වගේ කතා හැදෙනකොට ගෙදරින් මොකද කිව්වේ ?
ගොසිප් එක දැක්කහම මට ඇත්තටම ටිකක් බයවුණා. කවදාවත් මට ඔයවගේ ගොසිප් එකක් හැදිලා නැහැ. ගෙදර අය ඒ කතාව දැකලා හිනාවුණා.

ගුවන් යානයේ හිටපු කෙනෙක් මේ වැඩේ කළා කියලාද හිතන්නේ ?
අපි දන්නේ නැහැ කවුද එහෙම කළේ කියලා. මටත් තේරෙන්නේ නැත්තේ කවුද මේ වගේ වැරදි දෙයක් ගොසිප් සයිට්වලට දුන්නේ කියලා.

ඇත්තටම සිංගප්පූරු ගියේ ඇයි ?
ෂොපින් කරන්න තමයි සිංගප්පූරු ගියේ.

දැන් ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා ඉන්නද කල්පනාව?
මට ගොසිප් කතාවක් පළවුණේ පළමු වතාවට. මේ සිද්ධිය හින්දා ක්‍ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් මට කතා කළා. මෙතැන ඉන්නවා නම් ඔයවගේ දේවල් බලාපොරොත්තුවෙන්න ඕනෑ කියලත් කිව්වා. ඔයා කවුද කියන්නත් ගොසිප් සයිට් ගැනත් අපි දන්නවා. ඒ හින්දා සැලෙන්න එපා කියලා ඒ අය මට කිව්වා. ගොඩක් දෙනෙක් කතා කළා. ලංකාවේ ඉතිං හරි වැරැද්ද හොයලා බලන්නේ නැතිවනේ කතා කරන්නේ. දැන් හිතෙනවා මේ ක්ෂේත්‍රයේ ඉන්නවා නම් ඔයවගේ දේවල් අහන්න ලෑස්තිවෙලා ඉන්න ඕනෑ කියලා. මොකද නොකළ වැරැදිවලට තමයි කතා හැදෙන්නේ. මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට ඉදිරියට තව ඔයවගේ මඩ එයිද කියලත් හිතෙනවා. අනේ මන්දා.

වෙබ් අවඩි ගැන මොනවාද කියන්න තියෙන්නේ ?
අනේ ඇත්තටම මොකුත් කියන්න දෙයක් නැහැ. කියන්න තියෙන්නේ හරියට දෙයක් දැනගෙන පළ කළා නම් හොදයි කියලා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!