Gossip

“අපි දෙන්නට අම්මගේ ආශිර්වාදය ලැබිලා තියෙන්නේ.. මට කළු කුමාරයා වැහුනා” – කාවින්ද්‍යා අධිකාරී

කාවින්ද්‍යා අධිකාරී ගැන මේ දවස්වල හැමතැනම වගේ කතාවෙනවා.
ඒකට හේතුව තමයි මේ දවස්වල දිවයින පුරා තිරගත වෙන ‘ඝරසරප’ සිනමාපටය.
ඒ ගැනත් කාවින්ද්‍යාගේ විස්තර ගැනත් සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියවිලා තිබුණා.

ඇත්තද, මේ කියන කතාව..
මොකක් ගැනද?

කළුකුමාරයා වැහිලා කියන්නෙ..
හා.. ඒකද.. ඒ අර ජයන්ත චන්ද්‍රසිරි අන්කල්ගෙ ‘ඝරසරප’ චිත්‍රපටය නිසා වෙන්න ඇති. ඒකෙනම් මට කළු කුමාරයා වැහෙනවා.

මොනවගේ චරිතයක්ද එහි නිරූපණය කරන්නේ..
කළු කුමාරයා කියන කන්සෙප්ට් එක ප්‍රධාන තේමාව කරගෙන හැදුණු නිර්මාණයක් ඝරසරප කියන්නේ.
එහි ඇත්තටම ආදර කතාවකට වඩා එහාට ගිය දෙයක් පිළිබඳව කතාකරනවා.
විද්‍යා කියන දමිළ තරුණියගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. මගේ වැඩි මහලු අවධිය නිරූපණය කරන්නේ සංගීතා වීරරත්න අක්කා.

‘ඝරසරප’ සිනමා පටයට සම්බන්ධ වුණේ කොහොමද?
ජයන්ත අංකල් අපේ ගෙදරට කෝල් කරල අම්මගෙන් ඇහුවා ඔහුගේ සිනමා පටයකට මාව දෙනවද කියලා.
එම අවස්ථාවේ මමත් , අම්මත් පුදුම වුණා. එකපාරටම මට බෑ කියල කියවුණා. මම කවදාවත් රඟපාලා නෑනේ කීවා.
එවිට ඔහු කීවා රඟපාලා නැත්නම් තමයි හොඳ. එතකොට ලේසියි කියා. ජයන්ත අංකල් අපේ පවුලට බොහොම හිතවත්, ඔහුගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසාම අම්මත්, මමත් කැමැති වුණා.

රඟපාන්න බෑ කීවට කවින්ද්‍යා පොඩි කාලෙ ඉඳන්ම රඟපානව කියන්නෙ ඇත්තක්ද.?
ඔව්.. ඔව්, කණ්ණාඩිය ඉස්සරහට ගිහින් එක එක විදිහට රඟපානවා. ඒ ගැන වෙන්න ඇති ඔයාට ආරංචි වෙලා තියෙන්නෙ. ඒකත් රඟපාන්න පහසුවක් වුණා.

ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහාය මොන වගේද..
ප්‍රවීණයන් සියලු දෙනාගෙන්ම හොඳ සහයෝගයක් ලැබුණා. ඒ අයට සතුටුයි මගේ රංගනය ගැන. විශේෂයෙන් සංගීතා අක්කි ගොඩක්ම සතුටුයි මගේ රංගනය ගැන.
ඇය හැමවෙලේම කියනවා ගිය ආත්මෙ මම ඇයගේ දුවක් වෙන්න ඇති කියා.
පුංචි කාලෙ සිටම ඇය මාව කොහේදි දැක්කත් ඇය වගේ කියනවා. අපි දෙන්නගෙම කම්මුලේ තියෙන ඩිම්පල් එක නිසා වෙන්න ඇති.
ජයන්ත අංකලුත් අපේ සමානකමක් දැක්ක නිසානේ සංගීත අක්කගෙ බාල කාලයට මාව තෝර ගන්න ඇත්තේ.

කාවින්ද්‍යා ගායිකාවක ලෙසින් ප්‍රසිද්ධ වෙනවා..
මම තවම ගායිකාවක් නෙමෙයි. තවම සංගීතය ඉගෙනගන්න ආධුනිකයෙක්. ‘පෙම් හීන’ මගේ පළමු ගීතය ගායනාකර දැන් අවුරුදු තුනක් විතර වෙනවා. එම ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. යූ. ටියුබ් එකෙන් රසවිඳින්න පුළුවන්.
දැන් නම් අළුත් ගීතයක් කරන්න කාලය හරි කියල හිතෙනවා. ඒ සඳහා හොඳ පදවැලක් ලැබෙනතුරු බලාගෙන සිටිනවා. මේ දවස්වල කාර්යබහුල නිසයි ටිකක් ප්‍රමාදවුණේ.

කාර්යබහුල අලුත් නිර්මාණ කටයුත්තක් නිසාද..
ටෙලි නාට්‍යයකට සහ චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. එහෙත් තවම භාරගන්නවාද කියා තීරණය කෙළේ නෑ. හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා.

කවින්ද්‍යා මේ තරම් දක්ෂ කලා පවුලකින් පැවත එන නිසාද..?
සමහරවිට ඒ නිසා වෙන්න ඇති. මගේ අම්මා සමිතා එරන්දතී මුදුන්කොටුව, සීයා ප්‍රේමදාස මුදුන්කොටුව, අත්තම්මා කුමාරි බෝතොට, මේ සියලුදෙනාම සංගීතයත් සමග බැඳුණු චරිත. මටත් ඕනෑ අනාගතයේ හොඳ ගායිකාවක් වීමටයි.
නමුත් මගේ මල්ලි ෂේන් අධිකාරි නම් ක්‍රිකට්වලට තමයි වැඩිය කැමැති. ඔහු ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගන්නවා.

අම්මා කැමැතියිද කවින්ද්‍යා කලාවට සම්බන්ධ වෙනවට..
අම්මා වඩාත් කැමැති මම ගායන ක්ෂේත්‍රයේ රැඳෙනවට. ඇය කවදාවත් මටවත්, මල්ලිටවත් කිසිම දේකට තහංචි දාන්නෙ නෑ.
හැම වෙලේම කියන්නෙ ඔයාලා හොඳයි කියල හිතන දේවල් කරන්න කියන එක. කොහොමත් මගේ හොඳම යෙහෙළිය මගේ අම්මා. අම්මාගේ හොඳම යෙහෙළිය මමයි. අම්මාගෙන් වසන් කරන්න රහස් මට නෑ.

එහෙනම් කවින්ද්‍යාගේ පෙම්වතා ගැන අම්මා දන්නව ඇති..
ඔව්. අම්මා දන්නවා. ඇයගේ ආශිර්වාදය අපි දෙන්නට ලැබිලා තියෙන්නෙ. ඔහු කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!