Gossip

ඇස් නටවා ලොවම වශී කළ ප්‍රියා ප්‍රකාශ්ට අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න – වීඩියෝ

චිත්‍රපටයක දර්ශනයක් නිසා සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත්වූ රංගන ශිල්පිනී ප්‍රියා ප්‍රකාශ්ට එරෙහිව මුස්ලිම් කණ්ඩායමක් ගොනු කළ නඩුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභා කර තිබෙනවා.
ප්‍රියා ප්‍රකාශ්ගේ ඉඟි පෑමේ දර්ශනය නිනසා ආගමට අවමන් වීමක් සිදුවූ බව පවසමිනුයි මෙම නඩුව පවරා තිබුණේ.
අන්තර්ජාලය පුරාම ලොකු කතාබහක් ඇතිකළේ මලයාලම් චිත්‍රපට ගීතයක ඉඟි පාන දර්ශනයක් නිසායි.
මෙම නඩුවේ පැමිණිලිකරුවන් ගීතය “වැරදියට වටහා ගෙන” ඇති බව රංගන ශිල්පිනිය පවසනවා.
අදාළ ගීතය චිත්‍රපටයෙන් ඉවත් කරන්න යැයි ඉල්ලීම් කරමින් මුස්ලිම් කණ්ඩායම ගොනු කළ නඩුවේ ප්‍රියා ප්‍රකාශ්, චිත්‍රපටයේ අධ්‍යක්ෂ සහ නිෂ්පාදකවරයා මුල් නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.
“යම් පුද්ගලයෙකු චිත්‍රපටයක ගීතයක් ගයනවා. ඔබට වෙන වැඩක් නැති නිසා ගීතයට එරෙහිව නඩු පවරනවා” යැයි පවසමින් ඉන්දියානු අගවිනිසුරු දීපක් මිශ්රා අදාළ නඩුව නිශ්ප්‍රභ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!