Gossip

යළිත් සුනාමියක පෙර නිමිත්තක්ද? – මුලතිව් මුහුද වෙනස් වෙයි – විශාල පිරිසක් මුහුදු වෙරළට එකතු වෙයි – ඡායාරූප සහිතයි

මුලතිව් මුහුදෙන් කිසිම කරදරයක් නොවේවා යන්න ප්‍රාර්ථනා කිරීමට විශාල ජනකායක් අද මුලතිව් මුහුදු වෙරළට එකතුවී තිබෙනවා.
ආගමික නායකයින් විසින් මෙම ජනතාව මුහුදු වෙරළට කැඳවා තිබුණේ මාර්තු පස්වැනිදා සවස මුලතිව් මුහුද එක්වරම අසාමාන්‍ය ලෙස වෙනස්වීම හේතුවෙන්.
පසුගිය වසරේදීද මුලතිව් මුහුද අසාමාන්‍ය ලෙස වෙනස් වුණු අතර ඒ සඳහා පරීක්ෂණයක් පැවැත්වීමටද කණ්ඩායමක් පැමිණ තිබුණා.
මුලතිව් ප්‍ර දේශයේ ජීවත්වන පුද්ගලයින් පවසා තිබුණේ ඊයේ සවස හදිසියේම යළිත් වරක් මුලතිව් මුහුද වෙනස්වූ අතර ජලයේ පැහැය හා මුහුදු රළෙහි උසද වෙනදාට වඩා වැඩිවූ බවයි.
මේ පිළිබඳව මුලතිව් දිසාපතිනියට,පොලීසියට හා නාවික හමුදාවට තොරතුරු දැණුම්දී තිබෙනවා.
මෙම තත්ත්වය නිසා තමන්ගේ ආරක්ෂාව පතා දෙවියන්ට කන්නලව් කිරීමක් සිදුකිරීමට ආගමික නායකයින් පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් මුලතිව් ධීවරයෝ මේ මුහුදේ තත්ත්වය වෙනස් අතට හැරී එය සාමාන්‍ය අතට හැරෙන තුරු මුහුදු යාමෑන් වැළකී සිටීමට තීරණය කරඇතිි බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!