Gossip

මිනිසාට සමීප සතුන් හරහා නව කොරෝනා ප්‍රභේද

මිනිසුන් වෙතින් කොරෝනා ආසාදනය වන සතුන් හරහා නව කොරෝනා වෛරස් ප්‍රභේද නිර්මාණය විය හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ඇමරිකානු පශු වෛද්‍ය සහ ජෛව විද්‍යා ආයතනය සිදුකළ මෙම අධ්‍යයනයේදී බල්ලන්, බළලුන්, මුගටියන් සහ හෙම්ස්ටර් මීයන්ට මිනිසුන්ගෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ අවස්ථාවන් විශ්ලේෂණය කර ඇති බව සඳහන්.

එහිදී එම සතුන් වෙතින් මතුවන කොරෝනා ප්‍රභේද විශ්ලේෂණයේදී අනාවරණ වී ඇත්තේ නව ප්‍රභේද ඇතිවීමේ ඉහළ අවස්ථාවක් පවතින බවයි.

කොරෝනා වෛරසයේ විශේෂ ඇතිවීමේ පරාසය ඉහළ මට්ටමක පැවතීමද ඊට හේතුවක්.

මිනිසා වෙතින් බොහෝ සතුන්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින අතර, එහිදී සත්වයන් හරහා විවිධ ප්‍රභේද මතුවිය හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි.

මිනිසා වෙතින් සියලු වර්ගයේ කොරෝනා වෛරස ප්‍රභේද ආසාදනය විය හැකි නමුදු බළලුන් වෙතින් මිනිසාට කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවස්ථා මෙතෙක් අනාවරණ වී නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!