Gossip

විදුලිය කැපෙන කාලය සහ වේලාවන් මෙන්න

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ පස්වරු 6.00යේ සිට පස්වරු 9.00 දක්වා කාලය තුළ මෙලෙස විදුලි සැපයුම විසන්ධි විය හැකි බවයි.

දිවයින පුරා ඊයේ (03) සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳවැටී තිබුණා.

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ එම බලාගාරයෙන් සපයන මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 3ක පමණ කාලයක් ගතවිය හැකි බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!