Gossip

ජැකලීන් ට ගුවන්තොටුපොළේ දී සිදුවූ අකරතැබ්බය

ශ්‍රී ලාංකික සුපිරි නිළියකට ඉන්දීය ගුවන්තොටුපොළකදී අකරතැබ්බකට මුහුණදී තිබෙනවා.

මේ වනවිට බොලිවුඩ් තිරයේ සුපිරි තාරකාවක් බවට පත්ව සිටින ජැකලීන් ෆර්ඩිනැන්ඩස් එම අකරතැබ්බයට මුහුණ දුන්නේ ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපොළේ දී.

ඇය මේ වනවිට ඉන්දියාවේ ජීවත්වන අතර ඇය ඊයේ ඩුබායි බලා යෑමට ගුවන්තොටුපොළ ට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් ඇයව රඳවාගෙන තිබුණා.

ඒ එරට “බලාත්මක කිරීමේ ඒකකය” නිකුත්කර තිබූ නිවේදනයක් හේතුවෙන්.

පසුව ඇයව නිවෙසට යවා තිබුණා.

ඇයට එරෙහිව එම නිවේදනය නිකුත්කර ඇත්තේ “බලාත්මක කිරීමේ ඒකකය” විසින් සිදුකරන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශ ලබාදීමට ඇය එහි නොයෑම හේතුවෙන්.

සුකේෂ් චන්ද්‍රශේකර් නමැති පුද්ගලයාට එරෙහිව ඉන්දීය පොලිසිය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ සම්බන්ධයෙන් ඇය ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එම පුද්ගලයාගෙන් විවධ දේ තෑගී වශයෙන් ඇයට ලැබී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සුකේෂ් චන්ද්‍රශේකර් වංචාකාරයෙක් ලෙස ඉන්දීය බලධාරීන් විසින් සලකනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!