Gossip

“මින් ඉදිරියට භාතිය සංතුෂ් ගායනා කරන වේදිකාවේ මාව දකින්න ලැබෙන්නේ නැහැ” – අශාන්ති

අශාන්ති කියන්නේ දැන් වැඩිය මාධ්‍යවල දැකගන්න නැති චරිතයක්.
ඇය ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා තමයි පසුගිය කාලේ හිටියේ.
හැබැයි දැන්නම් ඇය ඒවටත් එක්කම වැඩ කටයුතු පටන් අරන් කියලා ආරංචියි.
අශාන්තිගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

අශාන්ති කාලෙකට පස්සේ ?
ඔව්. අවුරුදු තුනකට හතරකට විතර පස්සේ තමයි නැවතත් ක්ෂේත‍්‍රයට ආවේ.
කාලයක් ඉතිං ක්ෂේත‍්‍රයේ වෙන වෙනස්කම් දිහා පැත්තකට වෙලා බලාගෙන හිටියා. ඒ ටික කාලෙට වුණු ගොඩක් වෙනස්කම් එක්ක අලූතින් දෙයක් කරන්න හිතුණා. බලමු නේද. ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

මොකද එකපාරටම වුණේ ?
මෙහෙමයි” ලංකාවේ මල් සින්දු” බස් සින්දු වගේ අමුතුම රැල්ලක් ආවනේ. ඉතිං ඒක වෙනස් කරන්න එක්කෙනෙක්ට අමාරුයි.
හැමෝම එක මතයක ඉන්නවානම් ඒක අමාරු දෙයක් නෙවෙයි. ඒ නිසා ඉතිං පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියා. හැබැයි දැන් හැමෝම එක මතයකට ඇවිත් ඉන්නේ මේක වෙනස් කරන්න ඕනෑ කියලා. ඒ හින්දා දැන් හිතෙනවා මියුසික් කරන්න ඕනෑ කියලා.

ඔබ මාධ්‍ය ඉදිරියටවත් ආවේ නැති හේතුව ?
මෙහෙමයි මගේ තියරියක් තියෙනවා. වැඩක් කළේ නැත්නම් මම මාධ්‍ය ඉදිරියට යන්නේ නැහැ.
මොකද මම මාධ්‍ය ඉදිරියට හිස් අතින් යන්න කැමැති නැහැ. මං ආස මොනවම හරි මගේ දෙයක් එක්ක මාධ්‍ය ඉදිරියට යන්න.

ඔබ නැති කාලේ සිදුවුණු මේ වෙනස්කම් වලට ඔබට මුහුණ දෙන්න පුළුවන් කියලා හිතනවද ?
ඔව්” අනිවාර්යෙන්ම. දැන් සෝෂල් මීඩියා එක්ක ලොකු තරගයක් තියෙන්නේ. කලින් වගේ නෙවෙයි.
දැන් ප‍්‍රධානතම මාධ්‍ය වෙලා තියෙන්නේ යූ ටියුබ්. ඒ හැමදෙයකටම මමත් සූදානම්.

කොහොමද ගීතයට ලැබෙන ප‍්‍රතිචාර ?
ඇත්තටම ගොඩාක් හොඳ ප‍්‍රතිචාර ලැබුණා. නිකුත් කරලා තාම දවස් කිහිපයයි වෙන්නේ. මට තාම කාගෙන්වත් වැරදි දෙයක් අහන්න ලැබුණේ නැහැ.
ඒ තරමටම හොඳ ප‍්‍රතිචාර තියෙනවා. රැල්ලෙන් එහාට ගියපු ගීතයක් නිසා ගොඩක් අය මේ ගීතය අගය කළා.

ගීතය ගැන යම් සඳහනක් කළොත් ?
හැන්දෑවේ කියන නමින් තමයි ගීතය නම් කරලා තියෙන්නේ. හැබැයි මේක ආදර ගීතයක් වුණාට ලොකු සමාජ පණිවුඩයක් එක්ක යන ලස්සන ගීතයක්.
ගැබ් ගෙල පිළිකාව ගැන තමයි ගීතයේ වීඩියෝ එකෙන් කියන්නේ. අද තරුණියන්ට වගේම කාන්තාවන්ට තියෙන ලොකු ප‍්‍රශ්නයක් නිසා ඒක වීඩියෝ එකේ තේමාව කරගත්තා.

කාගෙද පද රචනය” සංගීතය ?
හැන්දෑවේ ගීතය රචනා කළේ මනුරංග විජේසේකර. සංගීතය ටෙන් ලැපන්ගේ.
සංගීතය මුසු කළේ ළහිරු පෙරේරා. වීඩියෝ එක තාල රූප ආයතනයේ චමිල් පතිරණ. උමාලි සහ කනිෂ්ක තමයි වීඩියෝ එකේ ඉන්නේ. ඒ හැම කෙනෙක්ම මේ වැඬේට මට උදව් කළා.

ashanthi1මේ දවස්වල මොනවද කරන වැඩ ?
මේ දවස්වල ගොඩක් වැඩ වෙනවා. තව සති දෙකකින් විතර පොඩි සර්ප‍්‍රයිස් එකක් තියෙනවා. ඒ මගේ අලූත්ම ගීතය. ඒක නිකුත් වෙනවා මේ මාසයේ 07 වැනිදා.
වීඩියෝ එකත් කරලා තියෙන්නේ. ඒකත් බලාගන්න

පහුගිය කාලේ ඇරියස් කවර් කරන්න වගේ හදන්නේ ?
එහෙමමත් නෙවෙයි. මං හිටියේ නැති කාලෙට ක්ෂේත‍්‍රයේ ගොඩක් දේවල් වෙනස්වෙලා. ඇත්තටම මේ අවුරුද්ද මියුසික් වලට හොඳ” ගොඩක් දේවල් වෙනස් වුණ අවුරුද්දක්. වෙනම ආරෙකට යන්න පුළුවන් විදියට මියුසික් වෙනස්වෙලා තියෙනවා. ඒ වෙනස්කම් එක්ක දිගටම වැඩකරන්නයි හිතාගෙන ඉන්නේ.

අශාන්තිගේ වීඩියෝ එකත් එක්ක බැලූවම දැන් තියෙන වීඩියෝ රැල්ල ගැන මොකද හිතන්නේ ?
අපි මියුසික් කරන අය විදියට හැම වෙලේම හොඳ දෙයක් තාරුණ්‍යයට දෙන්න ඕනේ. අපි ආපු මුල් කාලෙත් එහෙම තමයි. ඒක අපි වෙනස්කරන්න හොඳ නෑ. අපි හැමෝටම බලන්න පුළුවන් දෙයක් තමයි දෙන්න ඕනේ. මමනම් කැමැති නෑ ජරා දේවල් දීලා බොරුවට ජනප‍්‍රිය වෙන්න. මම කිසිම තේරුමක් නැති දේවල් අරගෙන මියුසික් වීඩියෝ හදන කෙනෙක් නෙවෙයි.

ප‍්‍රවීණයෙක් එක්ක ගීතයක් කරන්න අදහසක් නැද්ද ?
අදහසක් තියෙනවා. මං ආසයි ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියත් එක්ක ගීතයක් කරන්න. ඉදිරියට බලමු.

අශාන්ති බී. ඇන් එස්. එක්ක තවම ඉන්නවද ?
නැහැ” මම දැන් භාතිය සංතුෂ් එක්ක නැහැ. අමනාපයක්වත් තරහක්වත් නෙවෙයි. අපි එක පවුලක් වගේ. ඒක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ.
හැබැයි මින් ඉදිරියට භාතිය සංතුෂ් ගායනා කරන වේදිකාවේ අශාන්ති” රන්වීර් නැහැ.

හේතුව ?
තරහක් නෙවෙයි. වෙනසකටත් එක්ක එහෙම කළානම් හොඳයි කියලා හිතුණා. අශාන්ති” රන්වීර් කියන දෙන්න ගේ අනන්‍යතාවන් එළියට එන්න ඕනෑ. රන්වීර් සහ මම යුවළක් හැටියට ඉන්නවා. ඉදිරියට අර වෙනස විතරක් වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!