Gossip

මැදමුලන ගමටම ආරාධනා කරලා – වෙඩින් එකට මස් මාළු නෑ – තරු පහේ හෝටල් නෑ – හිටපු ජනපතිගේ බාලපුත් රෝහිතගේ විවාහය සිදු වෙන්නේ මෙහෙමයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහය අද දින රාජපක්ෂ පවුලේ ගම්මානය වන වීරකැටියේදී පැවැත්වෙනවා.

ඔහුගේ අතගත් මනාලිය වුණේ ටටියානා ලී යි.

වෙනත් දේශපාලන පවුල් වල විවාහයන් මෙන් මේ විවාහය පැවැත්වෙන්නේ තරු පන්තියේ හෝටලයකනම් නොවේ.

මේ විවාහය පැවැත්වෙන්නේ වීරකැටිය ගම්මානයේ මැදමුලන නිවසේදීය

මේ විවාහයට සැපයෙන සියලූම ආහාර දේශීය ගැමි ආහාර වනවා. එම ආහාර සකසන්නේ අසල්වාසී පවුල් විසින්. රටට ප්‍රසිද්ධ නොකලද මුලු මැදමුලන ගම්මානයටම මෙම විවාහයට ආරාධනා කර තිබෙනවා.

අමුත්තන්ට පිළිගැන්වෙන පළමු පිළිගැනීමේ බීම වන්නේ රණවරා, දිවුල් යුෂ සහ බෙලිමල් ය. මැටි හට්ටි වල පිළිගැන්වෙන ආහාර ගමේ ආරයට සැකසුනු දේශීය ආහාර වීමත් විශේෂයකි. තවද මෙම විවාහයට කිසිදු මස් වර්ගයක් භාවිතා නොකිරීමටද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

විවාහ ඇරයුම්පතේ සිට මගුල් පෝරුවේ සැරසිලි දක්වා සියලූම දේ ඉතාම සරලව චාම්ව පරිසර හිතකාමීව සිදු කෙරෙනවා.

ඉතින් රෝහිත, ටටියානා නව යුවළට වෙබ් ගොසිප් අපෙන් උණුසුම් සුභ පැතුම්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!