Gossip

මැණික් ව්‍යාපාරිකයෙක් ට ඔමික්‍රෝන්

බේරුවල චීන කොටුව ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් ආසාදිතයකු හඳුනාගෙන ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවා.

එහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයා විදෙස් ගතවීමට සූදානම්ව සිටියදී සිදුකළ PCR පරීක්ෂාවක දී ඔහු ආසාදිතයකු ලෙස හඳුනාගත් බවයි.

පසුව ඒ සම්බන්ධයෙන් සිදුකළ ජාන පරීක්ෂාවක දී ඔහු ඔමික්‍රෝන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබුණා.

එම පුද්ගලයා වෘත්තියෙන් මැණික් ව්‍යාපාරිකයෙකු ද වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.

ඒ අනුව, ඔහුගේ සමීපතමයින් කිහිපදෙනෙකු නිවෙස් නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වුණා.

එමෙන්ම අද දිනයේ දී ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින් සියලු දෙනා ද PCR පරීක්ෂාවකට යොමු කිරීමට නියමිත බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

මෙරටින් මේ දක්වා ඔමික්‍රෝන් ආසාදිතයින් 45 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පසුගියදා පැවසුවා.

එසේම කොළඹ, ගම්පහ සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලින් එම ආසාදිතයින් වාර්තා වී තිබුණා.

මෙරට පළමු ඔමික්‍රෝන් ආසාදිතයා ලෙස හඳුනාගෙන තිබුණේ හලාවත ප්‍රදේශයේ කාන්තාවක්.

ඇය අප්‍රිකානු රටක සංචාරය කර මෙරටට පැමිණ තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!