Gossip

අනියම් බිරිඳ සමග සිරිපා කරුණා කරන්න ගිය දෙදරු පියා සිරුර ට ගිනි තියාගනී

අනියම් බිරිඳ සමග ශ්‍රී පාද වන්දනාවේ පැමිණි දෙදරු පියෙක් නල්ලතන්නිය පෞද්ගලික රථගාලක දී අද (03) අලුයම රු 3.30ට පමණ සිරුරට භූමිතෙල් වත්කර ගෙන ගිනි තබාගෙන තිබෙනවා.

නල්ලතන්නිය පොලීසිය පැවසුවේ, කඩවත සිට ඊයේ (02) දිනයේ දී 36දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයක් බස්රථයකින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති බවයි.

එම පිරිස ශ්‍රී පාදය කරුණා කරමින් සිටින අතුරතුර අනියම් බිරිඳ සමග ඇති කරගත් ආරවුලකට උරණ වු දෙදරු පියා ශ්‍රී පාදස්ථානය කරුණා නොකර ආපසු නල්ලතන්නිය වෙත පැමිණ බස් රථයේ ආහාර පිසිම සඳහා රැගෙන පැමිණි භූමිතෙල් ගැලුම සිය සිරුරේ හලාගෙන ගිනිතබාගෙන තියෙනවා.

සිරුරට අවිලුණු ගින්න නිවියාමෙන් අනතුරුව දෙදරු පියා විසින් තමන් ගිනි තබාගත් බවත්, තමන්ව රෝහල් ගතකරන ලෙස බස් රථයේ රියදුරාගෙන් ඉල්ලීමක් කරලා.

එ් අනුව බස්රථයේ රියදුරා නල්ලතන්නිය පොලීසියේ නිලධාරින් සමග එක්ව තුවාලකරු මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව තුවාලකරුගේ තත්ත්වය බරපතළ තත්ත්වය හේතුවෙන් තුවාලකරු දික්ඔය මුලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!