Gossip

කුඩා දරුවන් දෙදෙනා ගස් බැඳ දඬුවම් කළ පියාට වුණු දේ

තම දරුවන් දෙදෙනා ගසක බැඳ සිරුරුවල මිරිස් තවරා අමානුෂික ලෙස වදදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකාර පියා ව මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ ඔහුව අද (03) සවස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ඒ. එල්. හෙට්ටිවත්ත මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

වද හිංසාවට ලක්වූ දරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ මව සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට ඔවුන් තිදෙනා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

සැකකරු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු සේවය කරන කුඩාගම සමගි මාවතේ පදිංචි 36 හැවිරිදි සිව්දරු පියෙකි.

ඔහු ඊයේ (02) පස්වරුවේ බිමතීන් නිවසට පැමිණ බිරිඳට පහරදී සිය වයස අවුරුදු 6ක පුතා සහ අවුරුදු 7ක දියණිය ගසක බැඳ ඇඟට මිරිස් කුඩු දමා අමානුෂික ලෙස වද හිංසා සිදුකර තිබුණි.

සැකකරු මත්පැන්බීමට ඇබ්බැහිවූ අයෙකු වන අතර බීමතින්ව නිවසට ගොස් බිරිඳ ට පහරදී දරුවන් සිව්දෙනාටද මෙවැනි ආකාරයට අමානුෂික ලෙස වද හිංසා කරන බව වාර්තා වේ.

සැකකරු සිය දරුවන් දෙදෙනා ඊයේ නිවස අසල පිහිටි වෙළෙඳසැළකට යවා ඇති අතර ඔහු විසින් ලබාගෙන ඒමට පැවසූ දේට අමතරව දරුවන් දෙදෙනා විසින් නිවසට දර මිටියක්ද රැගෙන ඒම සම්බන්ධයෙන් උරණ වු සැකකරු දරුවන් දෙදෙනාට මෙසේ අමානුෂික ලෙස වද හිංසා පමුණුවා ඇත.

දරුවන් දෙදෙනාව ප්‍රදේශවාසින් විසින් මුදාගෙන ඒ සම්බන්ධයෙන් හැටන් පොලීසියට දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් ඊයේ (02) රාත්‍රීයේ දරුවන් දෙදෙනා පදිංචි නිවසට ගොස් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මිට ප්‍රථම අවස්ථා කිහිපයකදිම මෙවැනි ආකාරයට බිරිඳට පහරදිම සහ දරුවන්ට අමානුෂික ලෙස වද හිංසා කිරීම සම්බන්ධයෙන් හැටන් පොලීසිය මැදිහත්වී ඔහුට අවවාද කර ඇත.

තම සැමියාගේ වද හිංසා දරාගත නොහැකි බිරිඳ විසින් සැමියාගෙන් වෙන්විමට දික්කසාද නඩුවක්ද ගොනුකිරිමට මේ වනවිට පියවර ගෙන ඇත.

එම පවුලේ දරුවන් අවුරුදු 4, 6, 7 සහ 8 වයස්වල පසු වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!