Gossip

“මාසෙකට ලක්ෂෙට වඩා ගන්නවා – දරුවන්ට දෑවැද්දට අලුත් නිවාස දෙකක් – අවුරුදු 25ක් තිස්සේ සිඟමනේ ගිය 65 හැවිරිදි යාචකයාට අවසානයේදී වුණ දේ

සිඟාකෑමෙන් උපයා ගත් මුදලින් ගෙවල් තුනක් තනා බැංකුවක රුපියල් ලක්ෂ 5ක්ද තැන්පත් කර ඇති ඇස් නොපෙනෙන 65 හැවිරිදි පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක හමුදාව විසින් පසුගිය 4වැනිදා ගම්පහ – කොළඹ කොටුව අතර ධාවනය වෙමින් තිබූ දුම්රියක සිඟා කෑමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමාගේ ගෙවත්තේ ඉදිකළ නිවාස දෙකක් දියණියන් දෙදෙනාට දෑවැද්දට දුන් බවත්, කුලියට දීම සඳහා අනිත් නිවාස තනාගෙන යන බවත්, ඔහු දුම්රිය ආරක්ෂක නිලධාරින්ට සඳහන් කර ඇති අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු ළඟ රුපියල් 4000ක මුදලක් තිබූ බව සඳහන්.

මොහු පදිංචිව සිටින්නේද හිඟාකෑමෙන් උපයාගත් මුදලින් තනාගත් නිවසක බව ඔහු පවසා තිබෙනවා.

ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුගේ බිරිය මියගොස් ඇති අතර අවුරුදු 25ක් තිස්සේ ඔහු දුම්රියවල හා බස්රථවල සිඟාකෑමේ යෙදී තිබෙනවා.

මොහුගේ දියණියන් දෙදෙනාම විවාහවී දරුවන්ද සිටින අතර ඔවුන්ගේ සැමියන්ද රැකියාවල නිරත වනවා.

දියණියන් දෙදෙනාට මෝටර් රථ දෙකක්ද තිබෙන බව ඔහු දුම්රිය ආරක්ෂක නිලධාරින්ට පවසා තිබෙනවා.

හිඟා කෑමෙන් තමා මාසෙකට රුපියල් 1,50,000 ක පමණ මුදලක් උපයා ගන්නා බවද දෑස් නොපෙනීම මෙසේ ජිවත්වීමට ආශිර්වාදයක් කරගත් බවද ඔහු පවසා තිබෙනවා.

පිරිසිදුව ඇඳ පැළඳ සිටි මේ පුද්ගලයා දුම්රියේ හිඟා කන බව ඔහු දියණියන් දෙදෙනාද දන්නා බවද ඔහු දුම්රියේ හිඟා කෑමට යන්නේ එන්නේද ත්‍රී රෝද රියකින් බවයි ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ.

තම පියා දුම්රිය ආරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව දැනගත් එක් දියණියක් කොටුවේ දුම්රිය ආරක්ෂක හමුදා මූලස්ථානයට පැමිණ ඇත්තේ ඇගේ මෝටර් රථයෙනුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!