Gossip

“මාව ළඟට ගන්නකොට මං හිතුවා ඒ ආදරේට කියලා. මගේ උඩ ඇඳුම එයා අතින් ගැළවුණා”

මෙය ආදරය ද අනුරාගය ද යන්නට පිළිතුරු නැති වුවත් අවසානයේ ප්‍රේමයේ නාමයෙන් ජීවිතයක් අවසන් වීමට තරම් ඒ බැඳීම තීව්‍ර වූවාට සැකනැත.
ඇය ජීවත්වුයේ පානදුර ප්‍රදේශයේය.
ඇය මොලොව බොහෝ ගැහැනුන් සේම විවාහ දිවියට ඇතුළත්ව එහි රසය විඳිමින් ජීවිතයට මුහුණ දුන්නේ කිසිදු වෙනසක් නෙැමතිවය.
ඇගේ සැමියා නුගේගොඩ ප්‍රදේශයේ ඔරලෝසු අලුත්වැඩියා කරන ස්ථානයක ඒ වන විට සේවය කරමින් සිටියේය.
පානදුර සිටි ඇය බොහෝ වෙලාවට තම සැමියාගේ රැකියා ස්ථානයට ආවා ගියාය. එවකට ඇයට නව යෞවනවියේ දියණියක් ද වුවාය. දියණිය ඒ වන විට 16 හැවිරිදි විය ගෙවමින් සිටියාය. දියණිය සමඟ ජීවිතය බෙදා හදා ගනිමින් ඇය ජීවිතයට පියමනින විට තම විවාහක සැමියා ඇයගෙන් දුරස් වෙමින් සිටියේය.
ඒ නිසා දෙදරා ගිය ඇගේ සිත අයාලයේ පාවෙමින් තිබිය දී තවත් හදවතක් ඇගේ ජීවිතයට එබී බලමින් සිටියේය.
විවාහක සැමියා ඒ වන විට ඇගෙන් දුරස්ථව ඇඹිලිපිටිය ප්‍රදේශයට සංක්‍රමණය වී සිටියේය. ඒ අතර ඇගේ හදවතට ළංවන්නට ඔහු සමත් විය.
ඔහු ඉන්ද්‍රජිත්ය. සැමියා හමුවන්නට විජේරාම ප්‍රදේශයට ආගිය ගමන් වලදී ඇයට ඉන්ද්‍රජිත් දැන හඳුනා ගත හැකි විය.
ඒ හැඳුනුම්කම යළිත් අලුත් වුයේ සැමියා ඇය අතහැර යන්නට ගියදා සිටය.
හුදකලා වූ ඇගේ සිතට ඉන්ද්‍රජිත්ගේ හමුවීම මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නාට සැක නැත. ඇයට දැන් විරෝධතාවක් නැත ඒ සැමියා ද ඇගෙන් වෙන්වගොස් ඇති නිසාය.
ඇය සැමියාගෙන් දික්කසාදය ලබා ගැනීමට සිතා ඒ සඳහා නීත්‍යනුකූලව කටයුතු කිරීමට සිතුවාය.
ඔහුගෙන් දික්කසාදය ලබා ඉන්ද්‍රජිත් හා විවාහ වීමට ඇය සිහින මාළිගා මවමින් සිටියේ කිසිවකු නොදැනය.
එහෙත් ඉන්ද්‍රජිත් ඇය ඉදිරියේ මවා තිබුණේ අවිවාහක අයකුගේ ප්‍රතිරූපයකි. ඔහු විවාහකයකු වුවද ඔහුගේ බිරිය ඒ වන විට ජීවත් වුයේ විදෙස්ගතවය. විවාහයේ එතරම් බැඳීම් දක්නට නොවුයේ ඉන්ද්‍රජිත් යුවළට දරුවන් නොමැති වු නිසාය.
කාලය ඉතා වේගයෙන් ගත වී ගියේය. ඇය ඉන්ද්‍රජිත් හා විවාහයට එළැඹියේ දික්කසාදයට නඩුවක් ගොනුකොට තබාය.
එහෙත් ඒ වන විටත් දික්කසාදය නීත්‍යාණුකූලව ඇයට ලැබී තිබුණේ නැත.
තවත් අතකින් ඒ විවාහය වලංගු නොවීමට හේතුවක් වුයේ ඉන්ද්‍රජිත් ද ඒ වන විට විවාහකයකු වීම නිසාය.
නිකම්ම නිකම් ලියවිල්ලක්ම පමණක් වලංගු වූ කඩදාසියකට අත්සන් තබා දෙදෙනා එකවහලක් යටට ගියහ.
නව යුවළ අලුබෝමුල්ල ප්‍රදේශයේ නිවෙසක පදිංචියට ගිය අතර ඉන්ද්‍රජිත්ට ද මේ වන විට සැලකිය යුතු නිදහසක් හිමිව තිබුණේ බිරිය විදෙස්ගතව සිටිම නිසාය.”දැන් ඉතින් සියල්ල හරි” යැයි ඇය සැනසුම් සුසුම් හෙළුවද තමා රැවටීල්ලකට මුලා වී සිටින බව ඇය දැන සිටියේ නැත. කැඩී බිඳී ගිය යුග දිවියට යළිත් පැලැස්තරයක් දමා සරි කළ ඇය ජීවිතයට ආයේමත් පියවර තැබුවේ රටක් රාජ්‍යයක් දිනු ලෙසය. ඇගේ දුප්පත් මවද පියා නැති දියණියද මේ වහළ යට ඇගේ දුක සැප බෙදාගෙන දිවි ගෙවුහ.
ඉන්ද්‍රජිත් කලකදී විදෙස් ගත වුයේය. ආයේමත් කලකදී මෙරටට පැමිණි අවස්ථාවලදී ඔහු ඇය හා එකට කල් ගත කළේය.
උණුසුම් සුවයෙන් බැඳී ගිය ඇයගේ දෙවැනි කුරුළු කුඩුව මහා සුළං කුණාටුවකට හසුවන්නේ එවැනි අවස්ථාවකය. ඒ ඔහු විවාහකයකු බව ඇයට දැනගන්නට ලැබීමත් සමඟය. ඇය සැපින්නක් සේ කිපුණත් ඔහුගේ ඇසුරින් වෙන්ව ගියේ ද නැත. එහෙත් තමා රටවනු ලැබු අලුත් පෙම්වතා ගැන ඇය කේන්තියෙන් බැලුවාය.
“මාව රැවටුවා. බොරු කාරයා.” ඇය ඔහුට බැන වැදුණේ දෙනෙත් වලින් කඳුළු උතුරා යද්දීය.
ලෝකයේ ඕනෑම ගැහැනියක මෙවන් මොහොතක හැසිරෙන අන්දමින් ඇය ද එවන් වේදනාවට පත්වුවාය.
බොහෝ ගැහැනුන් මෙන්ම ඇයද ආදරය වෙනුවෙන් දබරයක පැටලුණාය. එහෙත් බැඳුණු ආදරයෙන් ඉවත් වීමට ඇයට සිතුණේ නැත.
ආදරයේ හැටි පුදුමය. ඇය මුළු හදවතින්ම ඔහුට ආදරය කළ බව සිහිවන විට ඇය යළිත් ප්‍රකෘතියට පත් වුවාය.
සණ්ඩු දබර වෙවී ආදරයේ නාමයෙන් ඇය ඔහු වෙතම නතු වුවාය.
මෙතැන් පටන් දෙදෙනා අතර නොහොඳ මෝක්කාඩු සණ්ඩු සරුවල් වල නිමක් නැති වුයේ බොරුවට ආයුෂ නැති බව පසක් කරමිනි.
මෙලෙස නොනිමි ගැටුම් මැද සිත රිදවා ගත් නීත්‍යාණුූකූල නොවන විවාහයක පහස ලබමින් ජීවිතය තව දුරටත් ඉදිරියට ගලා ගියේ එලෙසය.
මෙලෙස උත්සන්න වූ ගැටුම් තුළ කිහිප වතාවකදීම ඉන්ද්‍රජිත් ඇයව මරා දැමීමට තැත් කිරීම පවා ඇති විය.
අවසානයේ එවැනි පැමිණිල්ලක් මිරිහාන පොලිසියේ පොලිස් පොතට ද ඇතුළත් වී තිබිණි. ඒ පාර්ලිමේන්තු පාරේදී මොටර් රථයෙන් ඉවතට තල්ලු කර දමා ඇයව මරා දැමීමට ඉන්ද්‍රජිත් විසින් කරන ලද උත්සාහයක් පිළිබඳවය.
සියලු හැලහැප්පීම් මැද ජීවිත ගෙවී යමින් තිබියදී තවත් පිළිතුරු නැති ප්‍රශ්නයකට ඉන්ද්‍රජිත්ට මුහුණ දීමට සිදුවන්නේ අනපේක්ෂිත ලෙසය.
ඒ විදෙස් ගතව සිටි ඉන්ද්‍රජිතගේ විවාහක බිරිය ලංකාවට පැමිණීමේ සුදානමත් සමඟය.
මෙයින් ඉන්ද්‍රජිත් මහත් වියවුලකට පත්ව සිටියේය. තමා වෙනත් කාන්තාවක් සමඟ පවුල්කමින් සිටින බව කසාද බිරියගෙන් සැඟවීමට ඔහුට ඕනෑ විය.
එයට කළ යුත්තේ කුමක්දැයි ඔහු නිතර දෙවේලේ කල්පනා කරමින් සිටියේය.
පසුගිය දිනක ගංගොඩවිල පිහිටි මහගෙදරට පැමිණෙන ඔහු ඉන් පිටව යන්නේ එහි තනිව වෙසෙන ඔහුගේ මවගේ රාත්‍රී ආහාරය ද රැගෙන ඒමේ පොරොන්දුව පිටය.
ඒ අතර තුර සිය අනියම් බිරියට දුරකථන ඇමතුමක් දෙන්නේ ඇය හමුවීමේ බලාපොරොත්තුවක් ඇතිවය.
ඇමතුමට අනුව ඇය බොරලැස්ගමුවට ආවාය. බොරලැස්ගමුවෙන් ඔහුගේ මෝටර් රථයට ගොඩවුණු ඇය ඔහු සමඟ පානදුර නගරයට ගියේ කෑම ගන්නට අවශ්‍ය බව ඉන්ද්‍රජිත් කී නිසාය.
ශ්‍රී මහා විහාර පාරේ මෝටර් රථය නවතා තබාගෙන සල්ලාපයේ යෙදී සිටියදී මොවුන් දෙදෙනා අතර බහින් බස් වීම් ඇති වූහ.
මධුවිතෙන් මඳක් සසලව සිටි ඉන්ද්‍රජිත්ගේ මතකය ඇවිස්සි ගියේ ඔය අතරය. අද හෙට දීම ලංකාවට පැමිණෙන සිය විවාහක බිරියට මේ සියල්ල රහසක් කොට තැබිය යුතු බව ඔහුට වැටහුණේතිබූ මත් ගතිය නිසා වන්නට ඇත.
ඒත් සමඟ තමන් අසල සිටින තම අනියම් බිරිය ඔහුට පෙනුණේ සැතිරියක ලෙසය.
ලෝකයට රහසින් තවත් බොහෝ දේ එතැන සිදු විය. ඒ බව දන්නේ ඒ දෙදෙනා පමණි. රාත්‍රිය ගෙවී පසුදිනට පහන් වන විට ඉන්ද්‍රජිත්ගේ පණ සුන් සිරුර සිය මෝටර් රථය තුළ වැතිර තිබියදී පොලිසියට හමුවන්නේ අසල්වාසීන්ගේ දැනුම් දීමකිනි.
“පානදුරේ කාර් එකක් ඇතුළේ මිනිහෙක් මරා දාලා.”
ඔහු කාගේ කවුද? මරා දමන ලද්දේ කුමකටද කවුරුන් විසින් ද? පොලිසිය ඒ පිළිබඳ විමර්ශන කටයුතු සැලසුම් කළේය.
පොලිසිය කළ සෝදිසි කිරීමේදී ඔහු කාගේ කවුදැයි දැන ගන්නට ලැබිණි. මරා දමා තිබුණේ ගංගොඩ විල ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රජිත් දේවනාරායන නමැති හතළිස් හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය අනාවරඛය කර ගත්තේය.
ඉන්ද්‍රජිත් දේවනාරායන මියගොස් තිබුණේ ගෙල සිර කිරීමෙන් බව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිගමනය විය. මෝටර් රථය තුළ මුනින් අතට වැටී සිටි ඔහුගේ නාසයෙන් රුධිරය ගලාගොස් තිබිණි.
ඔහුව මරා දැමුවේ ඇයි? ඔහුගේ ජීවිත පසුබිම සොයා බැලීමට පොලිසියට සිදුවිය.
ගංගොඩවිල පදිංචි ඉන්ද්‍රජිත් පානදුරට පැමිණියේ ඇයි? තවදුරටත් විමර්ශන කළ පොලිසියට දැනගන්නට ලැබුණේ ඔහු කිසියම් කාන්තාවක් සමඟ ඇසුරක් පවත්වමින් සිටිය බවය.
පානදුරේම පදිංචි එම කාන්තාව පිළිබඳ තොරතුරු ලැබී තිබියදී ඇය ඒ වන විට නිවෙසෙන් අතුරුදන්ව සිටියාය. ඇගේ මව පමණක් නිවෙසේ සිටින අයුරු දැකගත හැකිවිය. ඒ අනුව මවගෙන් දියණිය පිළිබඳ යම් තොරතුරක් පොලිසිය ලබාගත්තේය.
වියපත් මව ඇය දන්නා සියල්ල පොලිසියට හෙළි කළාය. සියලු තොරතුරු රැස්කරගත් පොලිසිය මෙම ඝාතනයට ඇයගේ දියණියගේ යම් සබඳතවක් ඇති බවට සැක කළේය.
එහිදී මියගිය අය හා ඇය අතර තිබු සමීප ඇසුර පොලිසිය හමුවේ හෙළි දරව් විය. සැකකාරිය පසු පස ලුහුබැඳ ගිය ද දින දෙකකට පසු පොලිසියට ඇය හමුවන්නේ නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට බාර වීමට පැමිණි අවස්ථාවේය.
ඉන්ද්‍රජිත් ඝාතනය කළේ ඇය බවත් තමා ඔහුගේ අනියම් බිරිය බවත් ඇය ප්‍රකාශ කළාය. ඝාතනය සිදු වූ ඇයුරු ඇය පොලිසියට තව දුරටත් හෙළි කළාය.
“එදා මග එද්දීම අපි දෙන්නා අතර ප්‍රශ්න ඇතිවුණා. එයා හොඳටම බීලා හිටියෙ.
කාරෙක නවත්තගෙන කතාකර කර ඉන්නකොට ටිකක් වෙලා යද්දී එයා මට ආදරෙන් කතා කළා.
මාව ළඟට ගන්නකොට මං හිතුවා සර් ඒ ආදරේට කියලා. මගේ බ්‍රෙෂියරය එයා අතින් ගැළවුණා.
ඒත් එකපාරටම එයා එක අරගෙන මගේ බෙල්ලට දාලා තද කළා. ඊට පස්සේ මම පුළුවන් තරම් දඟලලා ඒකෙන් බේරෙන්න හැදුවා.
ඒක උදුරලා අරගෙන එයාගේ බෙල්ල වටේට දාලා පුළුවන් තරම් තද කළා. එයා සීට් එක උඩ වැටුණා. මම කාර් එකෙන් බැහැලා දුවලා ගිහින් ත්‍රීවිල් එකක නැගලා කුරුස හන්දියට ගියා.
එතැනින් වෙන එකක නැගලා ගෙදර ගියා. පහුවදාම එතැනට ආවා. මම දැක්කා කහපාට පටි වලින් කාරෙක වට කරලා තියෙනවා.
පොලිසියත් එතැන හිටියා. ඉන්ද්‍රජිත් මැරිලා කියලා මං තේරුම් ගත්තා. මං ඉන්ද්‍රජිත්ව මරුවා. මගේ අත් දෙකෙන්ම මං එයාගෙ බෙල්ල හිරකරලා මැරුවා. ඊට පස්සේ අම්මට විස්තරේ කියලා මං ගෙදරින් යන්න ගියා.” ඇය බොහෝ සන්සුන්ව එලෙස ප්‍රකාශ කර සිටියාය.
ඇය එසේ කීවද මිය ගිය ඉන්ද්‍රජිත්ගේ මව හා ඥාතීන් කියන්නේ වෙනම කතාවකි.
පානදුරේ පැත්තේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් තමාට ලැබෙන්නට තිබු බවත් ඇය එය නොදී මඟ හරින බවත් ඉන්ද්‍රජිත් පවසා තිබු බවය.
ව්‍යාපාරිකයකු ලෙස ඔහු මුදල් පොලියට දීමට ද සිදු කර තිබු බවද හෙළි විය.
ඝාතන සිද්ධියේ සැකකාරිය ඝාතන ය සිදුකර නිවෙසට ගොස් පිටව ගොස් තිබුණේ ඝාතනය මොහොතේ හැඳ සිටි ඇඳුම් පිටින්මය. ඇය අධිකරණයට ඉදිරිපත් වුයේද එම ඇඳුම් සමඟමය.
අද ඉන්ද්‍රජිත් මිය ගොසින්ය. අනියම් බිරිය නීතියෙ රැහැනට කොටු වී ඇත. එකිනෙකාට වංකවෙමින් අදාරය යයි සිතා අනුරාගයේ මංපෙත් අතර සැරිසැරූ එවන් මිනිසුන්ගේ ශෝකාලාපය එතෙකින් නිමා විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!