Gossip

මාමා සහ බෑණා අතින් දූෂණය වූ අවුරුදු 10 පුංචි දැරිය දරුවෙක් බිහි කරයි, කුස තුල ගල් කැබැල්ලක් හිරවෙලා කියලා මව්පියන් රවට්ටලා

අවුරුදු 10 ක දැරියක් දරුවෙකු බිහිකළ පුවතක් වාර්තා වනවා.

අදාල තරුණිය දූෂණයට ලක්ව ඇති අතර දරු ගැබ ගබ්සා කිරීමට අධිකරණයෙන් අනුමැතිය නොලැබීම නිසා මෙම දරුවා බිහිකිරීමට ඇයට සිදුව තිබෙනවා.

මෙම අවාසනාවන්ත පුවත අහන්න ලැබුණේ ඉන්දියාවෙන්.

දරුවාට තමා මවක් බවද අවබෝධයක් නැති අතර ගැබ් ගෙන සිටි කාලයේ දැරියගේ මව්පියන් පවසා ඇත්තේ කුස තුල විශාල ගල් කැබැල්ලක් සිරවී ඇති නිසා උදරය ඉදිරියට නෙරා ඇති බවයි.

සිසේරියන් සැත්කමකින් මෙම දැරිය තම දරුවා බිහිකර තිබුණා.

එම බිළිඳා කිලෝ ග්‍රෑම් 2.5 ක් බරකින් යුක්ත බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මවත්, බිලිඳාත් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් බලධාරීන් පවසා තිබෙනවා..

ඇය වරින් වර තම මාමා කෙනෙකු අතින් දූෂණයට ලක්ව ඇති බවත් ඔහු පොලිස් අත්අඩංගුවේ ඇති බවත් වාර්තා වනවා.

ඇය ගැබ් ගෙන තිබෙන බව පසුගිය ජුලි මාසයේ අනාවරණය වූයේ උදරයේ වේදනාවක් පිළිබඳව ඇය වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!