Gossip

ආයෙමත් දෙල්දෙණිය උණුසුම් වෙයි, 24 දෙනෙක් පොලිස් අත්අඩංගුවට, නැවතත් ඇඳිරි නීතිය

තෙල්දෙණිය සහ පල්ලේකැලේ පොලිස් බල ‍ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඒ අනුව තෙල්දෙණිය සහ පල්ලේකැලේ ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු මෙම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි.

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි ඊයේ(05) සවස පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කර තිබුණා.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියක් හේතුවෙන් ඊයේ දහවල් සිට මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පැනවුවා.

මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර කලහකාරී සිද්ධිය සමතයකට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියත් සමඟ අද දිනයේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ සියලු පාසල් වසා තැබීමට ද අධ්‍යාපන අමාත්‍යශය නියෝග කරනු ලැබුවා.

පසුගිය සෙනසුරාදා දිනයේ දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමත් සමඟ මහනුවර දිගන ප්‍රදේශයේ දී ඊයේ දිනය තුළ මෙම කලහකාරී සිදුවීම වාර්තා වූ අතර ඊට සම්බන්ධ පුද්ගලයින් 24 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!