Gossip

මාත් ඇබ්බැහි වෙච්ච මිනිහෙක් – ෆේස්බුක් තහනම් කරනකම් මං දැනන් හිටියේ නෑ

පසුගිය දිනවල පනවා තිබූ ෆේස්බුක් ඇතුළු සමාජජාලා තහනම සම්බන්ධයෙන් තමන් දැන නොසිටි බව ඩිජිටල් පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා

එමෙන්ම මෙම සමාජ මාධ්‍ය වාරණය කළේ ආණ්ඩු විරෝධය පාලනය සඳහා නොවන බවත් ඔහු ප්‍රකාශ කළා.

එය ආණ්ඩු විරෝධය පාලනයට හේතුවේනම් තමන් මෙම ඇමති කමින් ඉල්ලා අස්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙය ආණ්ඩු විරෝදී දෙයක් බව කවුරුන් හෝ කියනවානම් ඒක වැරදියි. සමහර අය හිතාගෙන ඉන්නෙ මේක විදුලි සංදේශ අමාත්‍යවරයාගේ ගේමක් කියලයි. මෙය තහනම් කරනකන් මම දැනගෙන හිටියෙත් නැහැ.එය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ තීරණයක්.මගේ නම තිබුනට කොමිසම මගේ නෙමෙයි.මටත් කනස්සල්ලක් තියෙන්න පුළුවන්. මමත් සමාජ ජාලා වලට ඇබ්බැහි වෙච්ච මිනිහෙක්. ලක්ෂ දෙකකට වැඩිය ෆේස්බුක් සාමාජිකයො ඉන්නවා. රූපවාහිනියට කතා නොකර මගේ කතා ෆේස්බුක් එක හරහා ප්‍රකාශ කරන අවස්තා තියෙනවා.සමහර විට රූපවාහිනය මගේ කතාව ගන්නෙත් ෆේස්බුක් එකෙන්. මම කවදාවත් ෆේස්බුක් එකට අකුල් හෙලන්නෙ නෑ. ඒත් මම විශ්වාස කරනවා හරි දේ හරි වෙලාවට සිදුවිය යුතු බව.ෆේස්බුක් හරහා රට ගිණි ගත්තොත් වැරදි කාරයෙක් වෙන්න මට බෑ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!