Gossip

වරද පිළිගනියි – තිසරට ඇඟිල්ල දික්කළ වරදට නුරුල් හසන්ට දඬුවම් – බංග්ලාදේශ නායකයාටත් දඩ

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් සහ නුරුල් හසන් හට තරඟ මුදලින් 25% ක දඩයක් සහ ඔවුන් දෙදෙනාට අයි.සී.සී නිතී මාලාව කඩ කිරීම සම්බන්ධයෙන් සෘණ ලකුණු 2 ක් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් නියම කර තිබෙනවා.

මෙම අයි.සී.සී නීති මාලාව 2016 හඳුන්වාදීමෙන් අනතුරුව ක්‍රීඩකයින් දෙදෙනෙකුට සෘණ ලකුණ බැඟින් ලබාදුන් පළමු අවස්ථාව බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.

ශකීබ් අල් හසන් හට සෘණ ලකුණු ලබාදීමට හා දඩය පැනවීමට හේතුවී තිබින්නේ තරඟයේ 19 වන පන්දුවාරයේ දෙවන පන්දුවේදී ශකීබ් අල් හසන් විසින් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයින් දෙදෙනාට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන ලෙස සංඥා කිරීම හා විනිසුරු තීරණයට අභියෝග කිරීමයි.

නුරුල් හසන් හට සෘණ ලකුණු ලබාදීමට හා දඩය පැනවීමට හේතුවී තිබින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරාට ඇඟිල්ල දිගු කිරීම හේතුවෙන්.

අද උදෑසන මෙම ක්‍රීඩකයින් දෙදෙනා අයි.සී.සී ක්‍රිකට් බලධාරීන් හමුවීමෙන් අනතුරුව වරද පිළිගෙන මෙම දඩ මුදල ගෙවීම සඳහා එකඟතාව පළ කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!