Gossip

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයනි, දුක් නොවන්න.. ඊයේ රඟදැක්වූයේ බංගලියන්ගේ අවසන් නයි නැටුමයි – ඉන්දියාව

නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ ඉන්දියාව අතරයි.
අපේ ප්‍රේක්ෂකයන්ගේ අතීත සතුරන් ඉන්දියාව වුණත් වර්තමාන සතුරන් වන්නේ බංග්ලාදේශයයි.
ඊයේ බංග්ලාදේශ ක්‍රීඩකයන් දැක්වූ අශෝභන රංගනය නිසා උරණ වී සිටි ඉන්දියාව සමග මිතුරුවී බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් දැන් පෙලගැහිලා ඉන්නවා.
ශකීබ් ඇතුළු බංග්ලාදේශ ක්‍රීඩකයන් ප්‍රේමදාස පිටියේ හැසිරුණු ආකාරය ඉන්දීය ක්‍රිකට් විචාරකයන්ගේ අප්‍රසාදයට ලක්වී තිබුණා.
ක්‍රිකට් විචාරක සන්ජේ මන්ජෙකාර් ට්විටර් පණිවිඩයක් තබමින් පවසා තිබුණේ ෂකීබ් නායකයෙකු ලෙස හැසිරුණ ආකාරය අනුමත කල නොහැකි බවයි.
තවද විනිසුරු තීරණයකට ඒ අකාරයේ ප්‍රතිචාර දැක්වීමක් සිදු කල හැකි දැයි මන්ජෙකාර් විමසා තිබෙනවා.
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන රවීන්ද්‍ර ජඩේජාද ට්විටර් සටහනක් තබමින් පවසා තිබෙන්නේ බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ නටන අවසාන නයි නැටුම ඊයේ නැටූ බවයි.
නිදහස් කුසලාන තරගාවලිය ලෙස මෙය හදුන්වනවාට වඩා නාග නැටුම් කුසලානය ලෙස හැදින්වීම වඩාත් උචිත බවද තවත් බොහෝ අය පවසා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!