තරු හුට පට

මාතර තරුණයා සමාජයට දුන් ආදර්ශය කුමක්ද?

 

දුම්රියට බෙල්ල තබා ඊයේ මියගිය මාතර තරුණයා  ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් ඒ පිළිබඳව ඉඟි පළ කර තිබෙනවා.

මාතර, කාලිදාස ප‍්‍රදේශයේදී ඊයේ වාර්තා වූ මෙම සිද්ධියේදී මියගිය තරුණයා “මගේ මුලු ජිවිතේම එපා වෙලා තියෙන්නේ.අද මං ජිවත් වෙන අන්තිම දවස වෙන්න පුලුවන්.ඒතරමට මගේ මුලු ජීවිතේම මට එපා වෙලා.” යනාදී වශයෙන් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති බව දක්නට ලැබෙනවා.

සමාජයේ ජීවත්වන ඕනෑම අයෙකුට ප්‍රශ්න දුක් ගැහැට ඕනෑ තරම්. එහෙම ප්‍රශ්න මැද ජීවත්වන දහස් ගණනක් අතරේ ජීවිතයෙන් ඵලායාමට ගනු ලබන මෙවැනි අනුවණ ක්‍රියා කිසිවෙකුත් අනුමත කරන්නේ නෑ.

ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තිබුණ සටහන අනූව ඔහුට කවර ආකාරයේ ප්‍රශ්න – ලෙඩදුක් – කම්කටොළු තිබුණාදැයි  මෙය දකින බලන ඕනෑම අයෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

නමුත් මෙවැනි වයසක සිටියදී ජීවිතය ගැන යම් හෝ අවබෝධයක් ලබාගත හැකි තරුණයෙකුට ආගමික වශයෙන් හෝ සාමාජයීය වශයෙන් එම ගැටළු විසඳා ගැනීමට මාර්ගයක් සොයාගත හැකිව තිබුණ බවත් කිව යුතු වනවා.

එහෙම කියන්න හිතුණේ සමාජයේ  අද අප අතර සිටිනා බොහෝ දෙනෙක් අතපය සතර නැතිව, විවිධ ආබාධවලට ගොදුරුවී  ජීවිතය සරිකර ගන්න  අනන්තවත් දුක් ගැහැට විඳින අයුරු දකින විටයි.

ඉතින් එවැනි අය මේ සමාජයේ ජීවත්වනවා මේ තරුණයා ජීවිතෙටවත් දැක නැතිද? මේ තරුණයාට එහෙම මුහුකුරා නොගිය මනසක්  නොතිබුණාද? ඕනෑම කෙනෙකුට මෙය දකිද්දී ඔහුගේ පාර්ශවය වෙනුවෙන් තර්ක කරන්න පුළුවන්. ඒත් සමාජ යතාර්ථයට මුහුණදිය නොහැකි මෙවැනි තාරුණ්‍යයකින් අනාගත පරපුරකට රටක අනාගතය බාරදිය හැකිද? මේ ප්‍රශ්න අපේ හිත්වලට නිතැනින්ම නැගෙනවා.

මෙම සිද්ධිය තවදුරටත් අප වාර්තා කරන්නේ ඔබත් මෙවැනි අනුවණ ක්‍රියාවන්ට පෙළඹවීම වළක්වා ගැනීම සඳහා වන යහපත් චේතනාවෙන් බවත් අවසාන වශයෙන් කිව යුතු වනවා.

1 2 3 4 56

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!