Gossip

මහින්දගේ පිපීගෙන ආ පොහොට්ටුව ඉක්මනින්ම පරවෙයි – නාම යෝජනා ප්‍රතික්ෂේපයි – හේතුව මෙන්න

පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය සහ වැලිගම නගර සභාව සදහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.

වැලිගම නගර සභාව සදහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත්තේ දිස්ත්‍රික්කය සදහා පක්ෂයෙන් නම් කර ඇති බලයලත් නිලධාරියා විසින් අදාළ නාමයෝජනාව භාර නොදීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එම පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ඊට අදාළව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප වී ඇත්තේ නියමිත කාන්තා නියෝජනය නොමැතිවීම හේතුවෙන් බවයි තේරීම් භාර නිලධාරීවරයා ප්‍රකාශකර ඇත්තේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!