Gossip

මහනුවර ගැටුම පිටුපස සිටින්නේ දේශපාලන පක්ෂයක්?

මහනුවර ඇති වූ ගැටුම පිටුපස එක්තරා දේශපාලන පක්ෂයකට අයත් පිරිසක් සිටින බවට තොරතුරු ලැබි ඇතැයි කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි ඔහු ඒ බව පැවසුවේ.

උඩරට ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ තවත් මන්ත්‍රීවරයකුගේ ‍ලේකම්වරයකු ද මේ අතර සිටින බව සේනාරත්න මහතා කියා සිටියා.

දැනට අත්අඩංගුවට ගෙන සිටින පිරිසෙන් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ අනුව මීට සම්බන්ධ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ඉදිරියේදී තොරතුරු හෙළි කරන බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!