Gossip

අම්පාරේ කඩේ කෑම වල තිබ්බේ වඳ පෙති නෙවෙයි පිටි ගුලියක් – රසපරීක්ෂක කිව්ව දේ මෙන්න

අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ. වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබෙනවා.

එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන් පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය හැකි බවත් රස පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අම්පාර නගරයේ පිහිටි කඩයක රාත්‍රී ආහාර ගනිමින් සිටි පුද්ගලයෙක් පාරාටා කැබැල්ලක තිබී මෙම පිෂ්ඨ කොටස සොයා ගෙන තිබූ අතර එය මිනිසුන් වඳ භාවයට පත් කිරිමට යොදා ගන්නා පෙත්තක් යැයි සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත කර තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!