Gossip

මහනුවරට සහනයක් – උදේ 10 ඉඳලා පැය 08කට ඇඳිරි නීතිය නවත්වයි

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ඊයේ සවස 4 සිට අද සවස 4 දක්වා ඇදිරිනීතිය පනවා තිබුණා.

නමුත් මීට සුළු මොහොතකට පෙර පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා දැනුම් දී තිබෙන්නේ එම ඇදිරිනීතිය අද උදෑසන 10 වන විට ඉවත් කරන ලෙසයි.

සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබා දෙනු පිණිස මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය ලිහිල් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඒ අනුව පෙරවරු 10 ට ඉවත් කිරීමටත් එදිනම පස්වරු 6ට නැවත පැනවීමටත් ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා සානුකම්පිත හේතු මත මෙසේ ලබා දී ඇති සහන කාලය ඉතා වගකීමෙන් භාවිතා කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!