Gossip

මහනුවර කැළඹෙයි – නිවසකින් මළ සිරුරු 03ක් හමුවෙයි

මහනුවර – මැණික්හින්න – රම්බඩවත්ත ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස පිළිස්සී මිය ගිය එකම පවුලේ පියා, දියණිය සහ පුතෙකුගේ මළ සිරුරු අද (10) උදෑසන සොයා ගැනුණා.

ඒ, ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුවයි.

මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි පියා, 13 හැවිරිදි දියණිය සහ 5 හැවිරිදි පුත්‍රයායි.

නිවසේ කාමරයක් තුළ තිබියදී මෙලෙස පිළිස්සී මිය ගොස් සිටි පුද්ගල මළ සිරුරු සොයා ගෙන තිබෙනවා.

ඔවුන්ගේ මව විදෙස්ගතව සිටින අතර දරුවන් දෙදෙනා මෙතෙක් හැදී වැඩී ඇත්තේ පියාගේ භාරයේයි.

ඔවුන් පසුගිය කාලසීමාවේදී දැඩි ආර්ථික අපහසුතාවලට ද මුහුණ දී ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙම මරණ පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම මේ වන වට ආරම්භ වී තිබෙනවා.

මැණික්හින්න පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!