Gossip

තරඟය වෙනස් කළ කාර්තික්ට ලැබුණු සම්මානය ෂාරුක් ඛාන් වෙන කෙනෙකුට දෙයි (වීඩියෝ)

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තුන්වන තරඟය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර පසුගිය දා පැවති තරඟය ජය ගන්නට කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත් වුණා.

ඔවුන් එම තරඟ ජයගත්තේ කඩුලු හතරකින්.

එම තරඟයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සුනිල් නරායන් සමත් වූ අතර තරඟයේ එල්ල කළ හොඳම පහරට ලබාදෙන ‘Star Plus nayi soch’ සම්මානය සහ ඉන්දීය රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගය හිමිකර ගත්තේ කොල්කටා නායක දිනේෂ් කාර්තික් විසින්.

මෙම තරඟයෙන් අනතුරුව තරඟය පැවති කොල්කටා ක්‍රීඩාංගනයේ සිදුවූ විශේෂ සිදුවීමක් පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරණ බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සහ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක දිනේෂ් කාර්තික් සිදුකළ විශේෂ ක්‍රියාවක් සම්බන්ධයෙන්.

එදින තරඟය නැරඹීමට පැමිණ සිටි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රේක්ෂකයෙකුට ෂාරුක් ඛාන් සහ කාර්තික් එක්ව තරඟයේ එල්ල කළ හොඳම පහර කාර්තික්ට හිමිවූ සම්මානය සහ මුදල් ත්‍යාගය පිරිනමනවා.

අබාධිත තත්වයකින් පසුවන ප්‍රේක්ෂකයෙකුට ඔවුන් මෙම ත්‍යාගයන් පිරිනමන අතර සංවේදී වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රසාදය හිමිව තිබෙනවා.

අදාල සිදුවීම පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!