Gossip

මහනුවරට පැත්තේ ඉන්න අයට දැන් ඉන්ටර්නෙට් යන්නත් බෑ – ආයෙත් තදටම ඇඳිරි නීතිය ක්‍රියාත්මයි

මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවතත් පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා.

නැවත දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

මේ අතර ප්‍රසිද්ධ දුරකතන සමාගමක් සිය ට්විටර් පණිවිඩයක් මගින් කියා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කය තුළ අන්තර්ජාල පහසුකම සීමා කර ඇති බවයි.

කෙසේවෙතත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කිරීමේදී ඔවුන් කියා සිටියේ එම ප්‍රදේශයට අන්තර්ජාලයට පිවිසීමේ වේගය සීමා කර ඇති බවයි.

එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ මහනුවර ප්‍රදේශයේ ඇතිවී ඇති මේ තත්වය පාදක කරගෙන සමාජජාල මගින් සහ වෙබ් අඩවිවල මගින් බොරු ප්‍රචාර පතුරුවන අය හඳුනාගැනීමක් කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙන නිසා මෙලෙස වේගය සීමා කර ඇති බවයි.

කෙසේවෙතත් අද දිනය ඇතුලත මෙය සාමාන්‍ය තත්වයට පත්වන බවත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව කියා සිටියා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!