Gossip

මව්වරුන්ගේ දිනයට පියෙකු කාන්තා ඇඳුමකින් සැරසිලා පාසලට ඇවිත්

මව්වරුන්ගේ දිනයට සිය පුතුන් දෙදෙනා සැනසීමට කාන්තා ඇඳුමකින් සැරසී පාසලකට ගිය පියෙක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ සිදුවීම වාර්තා වෙන්නේ තායිලන්තයෙන්.

තායි සම්ප්‍රධායානුකූලව වසරක් පාසා මව්වරුන්ගේ දිනය මෙලෙස උත්සවාකාරයෙන් සැමරීම සිදු කෙරෙන අතර පාසලක පැවති මෙම උත්සවයට පැමිණි මව්වරුන් අතරට කාන්තා ඇඳුමකින් සැරසී පියෙක් පැමිණ තිබෙනවා.

එම පියා එලෙස සැරසී පාසලට ගොස් ඇත්තේ සිය පුතුන් සැනසීම සඳහායි.

එහිදී අනෙක් දරුවන් සිය මව්වරු තුරුලේ සුරතලෙන් සිටිද්දී තම දරුවන් කම්පා වනු ඇති බව පවසා මෙම පුද්ගලයා කාන්තා ඇඳුමින් සැරසී එහි පැමිණ තිබෙනවා.

අදාළ දරුවන්ගේ මව මීට වසර කිහිපයකට පෙර යුරෝපයට ගොස් ඇති අතර මේ වනවිට ඇය නොපැමිණ ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

එම අවස්ථාවේ තම මව වෙනුවට පැමිණි පියාගේ උණුසුමේ සිට මව්වරුන්ගේ දිනය සැමරූ අවස්ථාව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අයුරිනුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!