Gossip

මරණ දඬුවම දෙන්න යන පාතාල නායක පොට්ට නවුෆර් හදිසියේම වෙනත් බන්ධනාගාරයකට මාරු කරයි

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැරැදිකරු වී මරණ දඬුවම නියම කර සිටින පොට්‌ට නවුෆර් නමැති පාතාල නායකයා බදුල්ල බන්ධනාගාරයේ නිලධාරීන් පිරිසක්‌ සමඟ සමීප සබඳතා පවත්වන බවට ලැබී ඇති තොරතුරු මත එම අපරාධකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට කටයුතු කරන බව ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.

මෙම පාතාල නායකයා සමග සමීප සබඳතා පවත්වන බන්ධනාගාර නිලධාරීන් කීප දෙනකු පිළිබඳ තොරතුරු ලැබී ඇති අතර එම නිලධාරීන්ට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කළා.

මෙම පාතාල නායකයා ඇතැම් බන්ධනාගාර නිලධාරින්ට විවිධ වරප්‍රසාද ලබාදෙමින් තම අපරාධ කටයුතු ක්‍රියාත්මක කිරීමට මාර්ගය පාදාගෙන සිටින බවටද තොරතුරු ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!