Gossip

දස මසක් කුසේ තියාගෙන හදපු අම්මාව පාරේ දාලා ගිය දරුවන්ට තරුණයන් පිරිසක් කරපු දේ

රෝහලක් ඉදිරිපිට දරුවන් විසින් අතහැර දමාගිය 89 හැවිරිදි මවක ප්‍රදේශයේ තරුණයන් විසින් බේරාගෙන කල්මුණේ මූලික රෝහලට ඇතුළත් කළ පුවතක් කල්මුණේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අතහැර දමා ගිය මවගේ දරුවන්ගේ විස්‌තර දැනගත් තරුණයන් ඔවුන්ට දුරකථනයෙන් දැන්වූ නමුත් මැයව කැඳවාගෙන යැමට නොපැමිණි නිසා වැඩිහිටි නිවාසයකට යොමු කිරීම සඳහාත් දරුවන්ගෙන් නඩත්තු ආධාර ලබාගැනීම සඳහාත් තරුණයන් විසින් කල්මුණේ අධිකරණයේ නඩුවක්‌ ගොනුකරන ලද අතර ඒ අනුව නඩුව විභාගයට ගත් විනිසුරුවරයා ලබන 09 වැනිදා දින තෙක්‌ නඩුව කල් තබා තිබෙනවා.

අදාළ මව කල්මුණේ මූලික රෝහලට ඇතුළත් කරන ලෙස ද නියෝග කෙරුණා.

මෙම මව වෙනුවෙන් නීතිඥවරුන් පිරිසක් නොමිලේ පෙනී සිටීමත් විශේෂත්වයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!