Gossip

“මම හිතන්නේ එක ආත්මෙක මම කරපු මොකක් හරි පවක් නිසා විවාහය කියන දේ මේ විදිහට වෙන්න ඇති” – සනෝජා බිබිලේ විවාහ වුණු කතාවේ ඇත්ත මෙන්න

සනෝජා බිබිලේ විවාහ ගිවිස ගත්තා කියන කතාවක් පසුගියදා හැමතැනම වගේ හුවමාරු වුණා.
ඒකට හේතුව තමයි ශ්‍රී ලන්කන් බීන් සමඟ මංගල ඇඳුමින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම සැරිසැරීම.
මේ කතාව ගැන සනෝජා බිබිලේ සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ඔබ මේ විදියට මනාලියක් විදිහට සැරසුණේ කීවෙනි වතාවටද?
මට ඇත්තටම ඒ ගැන හරියටම කියන්න බෑ. මොකද ඒ තරමටම මම මනාලියක් විදියට සැරසිලා තියෙනවා. හැබැයි විසි තිස් ගණනකට වඩා නම් ඒ අවස්ථා වැඩියි.

කාලෙකට පස්සේ සනෝජා මනාලියක් විදිහට සැරසිලා ඉන්නවා දැකපු අය මොනවද කිව්වේ ?
හැමෝම කිව්වා ගොඩාක් ලස්සනයි කියලා. එදා මමයි බින්නුයි අත අල්ලගෙන යනකොට බින්ගේ බිරිඳ අපිව දැකලා හිනාවුණා.
ඒ වගේම එදා හරිම විශේෂ සිදුවීමකුත් සිදු වුණා. මේ නාට්‍යයේ සමාරම්භක උළෙල තිබුණේ චිත්‍රපට සංස්ථාවේ.
එහි සමාරම්භක අවස්ථාව ඇත්තම විවාහ මංගල උළෙලක් විදිහටම තමයි සංවිධානය කරලා තිබුණේ. ඒ අතරෙදී ‘සනෝජා බිබි‍ලේ විවාහය” කියලා අපේ කට්ටිය ඇරයුම් පතක් පවා යවලා තිබුණා.
වැඩේ යනකොට එහා පැත්තේ ක්‍රිකට් සෙල්ලම් කර කර හිටපු ළමයි ටිකක් දුවගෙන ආවා මේක බලන්න. ළමයි ටික ඇත්තටම හිතලා තියෙන්නේ මේක මගේ විවාහ මංගල්‍යය කියලා.
ඉතින් ඒ අය මගේ ළඟට ඇවිත් සුබ පතන්නත් පටන්ගත්තා. ඒ විතරක් නමෛයි, මේ ෆොටෝ අන්තර්ජාලයෙන් දැකපු හැමෝම කෝල් කරලා මගෙන් ඇහුවා ‘සනෝජා අපිටත් නොකියා හොරෙන්ම බැන්දා නේද?” කියලා. නළු නිළියන් හිතලා තියෙන්නේ මම ඇත්තටම බැඳලා කියලා.
එදා ඇඳුම ඇඳලා එනකොට ළඟ හිටපු අයත් කිව්වා “බලන්න ඔයා අද කොච්චර ලස්සනයිද? ඇත්තටම සනෝජා කසාද බඳින්නේ කවදාද? අඳින්නකෝ මඟුල් ඇඳුමක්… අපි හොඳ කෙනෙක් හොයාගමුකෝ…” කියලා. හැමෝම කටින්නම් ඔය විදියට කියනවා. ඒත් කවුරුත් හොඳ කෙනෙක් හොයලා දෙන්නේ නම් නැහැ. (සිනා)

සනෝජාටම ඔය කියන මනමාලයා හොයාගන්නට බැරි වුණේ ඇයි ?
ඇත්තටම ජීවිතේ කියන්නේ ආත්මගත බැඳීමක්. මම හිතන්නේ එක ආත්මෙක මම කරපු මොකක් හරි පවක් නිසා විවාහය කියන දේ මේ ආත්මේ මට නොලැබෙනවා ඇති. ඒ නිසා මම හැම කෙනෙක්ගෙන්ම ආදරෙන් ඉල්ලනවා කවදාවත් තමන්ගේ ජීවිතේදී පුංචියට හරි පවක් නම් කරන්න එපා කියලා. ඇත්තටම මුල් කාලයේදී නම් මට විවාහය ගැන කිසිම හැඟීමක් තිබුණේ නැහැ. ඒත් දැන් විවාහ වෙන්න මට හැඟීමක් තිබුණත්, නොයෙකුත් දෙනාගෙන් විවාහ යෝජනා ආවත් අද සමාජයේ දකින්න සිද්ධ වෙන දේවල් එක්ක මට විවාහ වෙන්න ලොකු බයක් දැනෙනනවා.
ඒත් සත්‍ය ජීවිතේදී මට මනාලියක් වෙන්න බැරිවුණත් රංගනයේදී හරි මම ඒ අවස්ථාව ලබාගත්ත එක ගැන සතුටු වෙනවා. ඉස්සරහට මම විවාහ වෙයිද කියලා මමවත් දන්නේ නැහැ. ඒක මගේ දෛවය අනුව සිදුවේවි.

ඉදිරියේදී ඔබේ කලා කටයුතු පෙළගැහෙන ආකාරය ගැනත් ආදරණීය රිද්ම පාඨකයන්ට අවසාන වශයෙන් කියමු.
වේදිකා නාට්‍ය කිහිපයකම වැඩ ඉස්සරහට තියෙනවා කරන්න. ඒ වගේම කීර්ති බණ්ඩාරගේ “සිහිනය” කියන චිත්‍රපටයේ රූපගත කිරීම් ලබන මාසේ පටන් ගන්නවා.
ඒ වගේම චිත්‍රපට ක්ෂේත්‍රයේ දැනට තියෙන අර්බුද විසඳුණොත් හොඳ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නත් බලා‍පොරොත්තුවක් තියෙනවා. ටෙලි නාට්‍ය පැත්තෙන් නම් මම ඉල්ලන මුදල ගෙවනවා නම් මම අනිවාර්යයෙන්ම ඒක බාර ගන්නවා. හැබැයි ඉතින් නිළියක් විදියට යමක් කරන්න බැරි සීනිබෝල චරිත නම් බාර ගන්නේ නැහැ.

<img class=”alignnone size-full wp-image-62400″ src=”http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/08/26075007/DSC_7959.jpg” alt=”” width=”800″ height=”611″ />

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!