Gossip

ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධනගේ දියණිය, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය සමඟ පෙමින් වෙළෙයි – විවාහ ගිවිස ගැනීමත් ළඟදීම

ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණිය තමයි කවීෂා කාවින්දි කියන්නේ.
ඇය මවගේ අඩි පාරේ යමින් සිංහ මචං චාලි චිත්‍රපටයෙන් රංගනයට පවා පිවිසුණා.
මේ දිනවල ඈ පිළිබඳ පැතිරෙන අලුත්ම ආරංචිය තමයි කවීෂා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය සමග ප්‍රේමයෙන් වෙලී සිටින බව.
දෙපාර්ශ්වයේ ආශිර්වාදය මැද මේ දෙදෙනා විවාහ ගිවිස ගන්නටත් සුදානමින් සිටිනවා කියන ආරංචිය අපිට ලැබුණා.
ඇමෙරිකාවේ පදිංචි කවීෂා මේ දිනවල ලංකාවට ඇවිල්ලා ඉන්නේ විවාහයේ වැඩකටයුතු ඉක්මන් කරන්නද? මේ ඒ ගැන සතිඅන්ත පුවත්පතක පලවී තිබූ අයුරුයි.

මොනවද කවීෂා මේ දවස්වල අලුත් තොරතුරු ?
කවීෂා – මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙනවා

එතකොට හදිසියේම ලංකාවට ආවේ?
කවීෂා – ලංකාවට ඇවිත් කරගන්න තිබුණු වැඩකටයුතු කීපයක්ම තිබුණා. හැබැයි ඒ රඟපෑමට සම්බන්ධ දේවල් නම් ‍නෙවෙයි.
මොකද රඟපෑමේ ආසාවක් දැන් මට නැහැ. ආයේ චිත්‍රපටයකට දායකවනවා නම් හොඳ නිර්මාණයක්ද…? මට යමක් කළ හැකි චරිතයක්ද…? කියලා හොයලා බලලා තමයි රඟපාන්නේ.

සිංහ මචං චාලි චිත්‍රපටයේ රඟපෑම ගැන සෑහීමට පත්වෙන්න පුළුවන්ද?
කවීෂා – රඟපාන්න තියෙන ආසාවට ඒ චිත්‍රපටයට එකතු වුණාට පිටපත කියවලා මගේ චරිතය මොකක්ද කියලා බැලුවේ නැහැ.
මංගල දර්ශනය දා තමයි හරියට චිත්‍රපටය දැක්කේ. ඒක කොමඩි චිත්‍රපටයක්. මට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඊට පස්සේ රඟපෑමේ ආසාව නැතුව ගියා.

කවීෂා ෂෙහාන් ආදර කතාව ගැනත් අපි දැන් කියමු නේද? අපි එහෙම කියලා ෂෙහාන්වත් මේ කතාවට සම්බන්ධ කර ගත්තා
ෂෙහාන් – මුලින්ම මම කවීෂාව දැක්කේ FB එකෙන්. එතකොටත් මම දැනගෙන හිටියා කවීෂා නිළියෙකුගේ දියණියක් කියලා.
මම Request එකක් දැම්මේ මිතුරියක් වගේ ඇසුරු කරන්න හිතා ගෙනයි. කාලයක් අපි දෙන්නා යාළුවෝ වගේ තමයි Chat කළේ. ඔය විදියට ඉද්දී තමයි මගේ හිතේ ඇය ගැන පැහැදීමක් ඇති වුණේ. මම කෙළින්ම මගේ අදහස කවීෂාට කිව්වා. ඊට පස්සේ කවීෂා Message කරන එක නතර කළා.

කවීෂා – හොඳ යාළුවෝ වගේ ඉඳලා එකපාරටම ඒ වගේ යෝජනාවක් ගෙනාවම මට තරහක් ඇති වුණා. ඒකයි Message කරන එක නතර කළේ. ඒත් ෂෙහාන් දිගින් දිගටම Message කළා. කාලයක් යද්දී මම ආයෙම එයාට උත්තර දුන්නා. ඊට පස්සේ තමයි මේ තරම් ආදර කතාව දුරදිග ගියේ.

දෙදෙනාගේ ආදරයට ගෙවල්වලින් බාධා ඇති වුණේ නැද්ද?
ෂෙහාන් – මුලදී විරෝධතා තිබුණා. දැන් නම් දෙපැත්තේම ආශිර්වාදය ලැබිලයි තියෙන්නේ.
කවීෂා – මම ඇමෙරිකාවේ හැදුණු කෙනෙක් කියන හැඟීමෙන් තමයි මුලදී ෂෙහාන්ගේ ගෙදර අය මා දිහා බැලුවේ. ඒ හින්දයි අකමැති වුණේ. ඒ අසුරු කරද්දී එයාලා මාව තේරුම් ගත්තා. ඊට පස්සේ කැමති වුණා.

එතකොට කවීෂාගේ දෙමව්පියෝ
කවීෂා – ෂෙහාන්ට ප්‍රශ්න වගයක් තිබුණා. ඒ හින්දයි අම්මිලා මුලදී අකමැති වුණේ. ඒත් ෂෙහාන් ඒ ප්‍රශ්න විසඳගත්තට පස්සේ අම්මලා කැමති වුණා.

කවීෂා හමුවන්නට පෙර තිබුණු අතීතය ගැන ෂෙහාන්ට මොකද හිතෙන්නේ ?
ෂෙහාන් – ඒ අමිහිරි අතීතය ගැන මතක් කරන්නවත් මම කැමති නැහැ. දැන් මම ගොඩක් සතුටින් ඉන්නවා.
කවීෂා තමයි මගේ ජීවිතයට සතුට අරගෙන ආවේ.

විවාහයෙන් පසුව කවීෂා ලංකාවේ නවතිනවාද? ෂෙහාන් ඇමෙරිකා යනවාද?
කවීෂා – ඉස්සර නම් මගේ හිතේ ලංකාවේ නවතින්න ආශාවක් තිබුණා.
ඒත් දැන් මට හිතෙනවා මේ රටේ මිනිසුන් එක්ක කරන ගනුදෙනුව අමාරුයි කියලා.
ෂෙහාන් – කොහොමත් ඉතින් මට තව අවුරුදු පහක් විතරනේ ක්‍රිකට් ගහන්න පුළුවන්. ඊට පස්සේ මමත් කවීෂා එක්ක ඇමෙරිකාවේ පදිංචියට යනවා. අපේ විවාහයත් දැන්ම සිදුවන්නේ නැහැ. කවීෂාගේ අධ්‍යාපනයයි. මගේ ක්‍රිකට් ජීවිතයයි වෙනුවෙන් අපිට තව ටික කාලයක් කැප කරන්න වෙලා තියෙනවා.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!