Gossip

මම හැමවෙලේම කිව්වේ කොණ්ඩය දිහා බලන්න එපා බෝලේ දිහා බලන්න කියලා – සචින් ටෙන්ඩුල්කාර් මාලිංගගේ උපන්දිනයට සුභ පතපු විදිය

ලසිත් මාලිංග කියන්නේ මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වන කෙනෙක්නේ.

කොහොමවුණත් මාලිංගගේ 35 වන උපන්දිනය ඊයේ (28) දිනට යෙදී තිබුණා.

ඉතින් මාලිංගට, ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කළ සුපිරි ක්‍රීඩකයෙක් වන සචින් ටෙන්ඩුල්කාර් ට්විටර් හරහා සුභ පතා තිබූ ආකාරය සමාජජාල වල ව්‍යාප්ත වෙන්න පටන් අරන් තියෙනවා.

එහි දැක්වුණේ “මාලිංගට එරෙහිව පිතිකරණයේ නියැලෙන විට මම හැම වෙලේම කියපු දෙයක් තිබුණා..ඒ තමයි ඔහුගේ කොණ්ඩය දෙස බලන්න එපා..පන්දුව දෙස බලන්න. සුභ උපන්දිනයක් මිත්‍රයා” කියලායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!