Gossip

මම යලට මහට පන්සල් යන කෙනෙක් නෙවෙයි – ලෝක රූ රැජිනක් වූ නවගමුව රෝහලේ සුරූපී වෛද්‍යවරියගෙන් කනේ පහරක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වුණු වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රූ රුජින
කිරුළ පසුගියදා දිනාගත්තා.

ඇය නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සිය සීමාවාසික පුහුණුව ලබමින් සිටිනවා.
ඇය දිනූ කිරුළ ගැනත් අලුත්ම තොරතුරු ගැනත් නුවන්දිකා සිරිවර්ධන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ඒ වගේම ඇයට එල්ලවූ චෝදනාවලටත් ඇය උත්තර දෙන්න අමතක කරලා තිබුණේ නැහැ.

වෛද්‍යවරියක්ව සිටි ඔබට ලෝක රැජනක් වීමේ වරම හිමිවුණා නේද?
ඔව්. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති රටවල් 97ක රූප රැජනන් අභිභවා මගේ රටට කිරුළ දිනා ගැනීමට මට හැකි වුණා.

ජයග්‍රහණයේ කිරුළ පැලඳගෙන විහාරයකට ගියා කියලා මේ දවස්වල ඔබ කතා බහට ලක්වෙන චරිතයක් වෙලා නේද?
මීගමුව, කටාන ප්‍රදේශයේ මෙහෙණින් වහන්සේලා වැඩ සිටින ආරාමයක් තියෙනවා. එහි දහම් පාසලක් සහ පිපෙන කුසුම් කියලා පෙර පාසලකුත් තියෙනවා.
ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මම ගොඩක් උදවු කරනවා.
ඒ දරුවන්ගේ මවුපියෝ මම ලබාගත්ත ජයග්‍රහණය වෙනුවෙන් මාව පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඒගොල්ලෝ කිව්වා කිරුළත් සමඟ මාව බලන්න ආසයි කියලා.
ඒ නිසා මම ඔවුන් සතුටු කරන්න කිරුළත් පැලඳගෙන ඔවුන් වෙත ගියා. ඒ ස්ථානය මට නුහුරු තැනක් නෙවෙයි.

කිරුළත් පැලඳගෙන පූජා භූමියකට යෑම නුසුදුසුයි කියලා හිතුණේ නැද්ද?
මම කිරුල ගලවලා තමයි යන්න හැදුවේ. නමුත් ප්‍රධාන මෙහෙණින් වහන්සේ කිව්වා මේක හිස්වැස්මක් හෝ ඔටුන්නක් නෙවෙයි, ආභරණයක් පමණයි. ඒ නිසා එය ගැලවීම අවශ්‍ය නැහැ කියලා. ඇතැම් අය කිරුළ පැලඳගෙන යෑම පිළිබඳ විවේචනය කළා.

ඒ විවේචන සාධාරණද?
මෙය රජ ඔටුන්නක් හෝ හිස්වැස්මක් නෙවෙයි. ලංකාව වෙනුවෙන් මට පලඳපු ආභරණයක් පමණයි.
එය විවේචනය කරනවා නම් අපිට කොණ්ඩ කට්ටක්වත් ගහගෙන පන්සලකට යන්න බැහැනෙ.
අනෙක් කාරණය මම යලට මහට පන්සල් යන කෙනෙක් නෙවෙයි. මව සහ පියාගෙන් ලැබුණු මඟ පෙන්වීම යටතේ අපි පොඩි කාලේ ඉඳන්ම ආගමික කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා.
මම උසස් පෙළ හදාරන කාලෙත් දහම් පාසල් ගියා. දහම් පාසලේ අවසාන විභාගයට ඩී සාමාර්ථ හතරක් ලබා ගත්තා. මම බෞද්ධ දර්ශනය පිළිබඳ හොඳ හැදෑරීමක් කළ තියුණු නුවණක් සහිතව ගමනක් යන වෛද්‍යවරියක්.

විවේචන එල්ලවීම නිසා ජයග්‍රහණයේ සතුට අඩු වුණාද?
අනේ නැහැ. ජයග්‍රහණයේ සතුට වැඩි වුණා. ගොඩක් අය දර්ශනයක් නැති පිට ඔපයට පමණක් ජීවත් වන අය. ආධ්‍යාත්මික වශයෙන් දියුණු අය එයින් තෘප්තියක් අරගෙන තිබුණේ නැහැ.
දන්න නොදන්න ගොඩක් අය මට කතා කරලා මට මැසේජ් කරලා මෙහෙම දෙයක් share වෙනවා කියලා කිව්වා.

විවේචන එල්ල වෙද්දී මොකද හිතෙන්නේ?

විවේචන කියන එක අමුතු දෙයක් නෙවෙයි. රහසින්වත් පව් නොකරපු බුද්ධ චරිතයට පවා විවේචන එල්ල කළ දේවදත්ත චින්චිමානවිකාව වගේ අය හිටියා. කොච්චර හොඳට ජීවත් වුණත් විවේචන එල්ල වෙනවා. කතා හදනවා. අපිට යම් උසස් ස්ථානයකට ළඟාවීමේ අරමුණක් තියෙනවා නම් මාර සේනාවකුත් ඒත් එක්කම බලාපොරොත්තු වෙන්න ඕනෙ. සෑම දෙයක්ම මධ්‍යස්ථව විඳදරා ගෙන අපි ජයග්‍රහණය කරා ගමන් කරන්න ඕනෙ.

රූප රැජනියන් වීමේ භාග්‍ය හිමිකරගත් බොහෝ අය නිවේදන සහ රංගන ක්‍ෂේත්‍රවලට සම්බන්ධ වෙනවා. ඔබට එහෙම අදහසක් නැද්ද?
නිවේදන කටයුතුවලට නම් යන්නේ නැහැ. නමුත් තෝරාගත් චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එය බොහෝදුරට හොලිවුඩ් හෝ බොලිවුඩ් වෙන්නත් පුළුවන්. ඒක රහසක්.

ඒ වෙනුවෙන් දැන් ආරාධනා ලැබිලද තියෙන්නේ?
ඔව්. ආරාධනා ලැබිලයි තියෙන්නේ.

ළඟදීම පයිලට් කෙනෙක් වෙයි නේද?
ඔව්. මේ දවස්වල පුහුණුවීම් කටයුතුත් කරගෙන යනවා. පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය ලබා ගැනීම සඳහා වන අවසාන විභාගය සඳහා ළඟදීම විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ රටේදී මට රංගනයට අවස්ථාව ලැබුණොත් මම කමර්ෂල් පයිලට් ලයිෂන් එකත් ගන්නවා.

මේ වැඩකටයුතුවලට අමතරව ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩ මොනවාද?
ඉදිරියේදී සෞඛ්‍ය සම්පන්නව රුව රැකගන්නේ කොහොමද, සෞඛ්‍ය සම්පන්නව රූපලාවණ්‍ය කටයුතු කරන්නේ කොහොමද කියලා මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් වෙන ආකාරයේ සම්මන්ත්‍රණ මාලා කිහිපයක් දේශීය මෙන්ම විදේශීය වශයෙන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ගොඩක් අය තමන්ට නොගැළපෙන රූපලාවණ්‍ය සත්කාර කිරීම නිසා සෞඛ්‍ය ගැටලු මතුකර ගන්නවා. ඒ නිසා ඔවුන් දැනුවත් කිරීම අවශ්‍යයි.

දැන්ම විවාහය ගැන හිතන්නේ නැද්ද?
ළඟදී විවාහ වෙන්නේ නැහැ. මේ ලැබුණු ජයග්‍රහණයත් සමඟ මිනිසුන්ට යම්කිසි සේවයක් කරන්න ඕනේ.
මම දැනට සමාජ සේවා කටයුතු රැසක් කරනවා. ඒ නිසා තව අවුරුද්දක්, එකහමාරක්වත් ඒ කටයුතු කරගෙන මෙහෙම ඉන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!