Gossip

බොරුවට දඩ කොලයක් දුන්නා.. වැරැද්දක් කළේ නෑ.. එහෙම කොහොමද ලියන්නේ කියලා ට්‍රැෆික් පොලිස් නිලධාරීන් එක්ක රණ්ඩුවට යන්න කළින් ට්‍රැෆික් පොලිස් බලතල ගැන දැනගන්න

අපි නිතරම දකිනවා බොහෝ රියදුරන් නීති තර්ක ගෙන එමින් රථවාහන පොලිස් නිලධාරින් සමග බහින්බස් වීම්වලට යනව. මේ නිසා අපි මෙම කරුණු පිලිබඳ ඇත්ත හොයන්න තීරණය කලා.

ඒ අනුව මේ ජනප්‍රිය දුර්මත පිලිබඳ පොලිස් දෙපාර්තුමේන්තුව ඉදිරිපත් කල පැහැදිලි කිරීමක් අපි හොයා ගත්ත. මේ ඒ විස්තරයි.

1. තනි පොලිසි නිලධාරියෙකුට රථයක් නැවැත්විය නොහැක. එවන් අවස්ථාවක රථය නොනවත්වා ධාවනය කල හැක.
රථ වාහන පණතේ 162 වගන්තිය අනුව මෙය සාවධ්‍ය වේ. රියදුරෙකු පොලිස් නිලධාරියෙකු විසින් දෙන වාචික හෝ දෘෂ්‍ය උපදෙස් පිලිපදිමින් නැවැත්වීම, පසුපසට ගෙන ඒම, වේගය අඩු කිරීම, ආපසු හැරවීම, මංතීරුවක් තුල සිටීම කලයුතුයි.

2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැක.
මෝටර් රථ වාහන පනතේ 135(1) වගන්තිය අනුව තණි නිලධාරියෙකුට රියදුරු බලපත්‍රය ලබා ගත හැකි අතර රියදුරු එය ලබා දීමට බැඳී සිටී

3. ඔබෙ ජාතික හැඳිනුම්පත හැර වෙනත් ලේඛණයක් ඉල්ලා සිටිය හැක්කේ රථවාහන පොලිස් නිලධාරියෙකුට පමනි.
මෙවන් බෙදිමක් නැති අතර නිල ඇඳුමින් සිටින ඕනෑම පොලිසි නිලධාරියෙකුට ඔබේ හැඳුනුම් පත හෝ වෙනත් ලියවිල්ලක් පරික්ෂාකල හැක. අපරාධ, රථවාහන අංශ ලෙස වෙන් කර ඇත්තේ පරිපාලනයෙහි ඇති පහසුව සඳහා පමණි.

4. තනි පොලිස් නිලධාරියෙකුට ඔබට නඩු දැමිය නොහැක. එබැවින් සාක්ෂි සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සෑම විටම දැකිය හැක.
මෙයද දුර්මථයක් වන අතර රථවාහන ආඥා පණතේ 162 වගන්තිය අනුව මේ ප්‍රකාශන සාවද්‍යවේ

5. පොලිසිය සාමය රකින ආයතනයක් වන අතර සන්නද්ධ හමුදාවක් නොවේ. එබැවින් ඔවුනට ගිණි අවියක් ඔබ වෙත එල්ල කල නොහැක.
2010 මාර්තු 28 චක්‍ර ලේඛනය අනුව නීතිය හා සාමය සුරැකීම සඳහා කොන්දේසි සහිතව ගිණි අවි භාවිතා කිරීමට පොලිස් නිලධාරීන්ට පූර්ණ අවසරය දී ඇත

6. ඔබ මත්පැන් බී ඇති බවට පොලිස් නිලධාරියෙකු පැවසුවහොත්, බැලූන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටීමට ඔබට අයිතිය ඇත. එම නිලධාරීන් සතුව උපකරණ නොමැතිනම් ඔබට පිටත් විය හැක.
ආඥා පණතේ විදි විධාන අනුව මත්පැන් පානය කර ඇති බවට සැක කරන රියදුරෙකු තමා බාරයට ගෙන ස්වසන පරික්ෂාවක් (balloon test) හෝ ඒ විගසම රජයේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පොලිසියට බලය ඇත

7. ගමන් කරන රථයක් නැවැත්විය හැක්කේ රථ වාහන අංශ පොලිස් නිලධාරියෙකුට පමණි.
මේ සාවද්‍ය වන අතර සියලුම පොලිස් නිලධාරීන්ට සමාන නීත්‍යානුකුල බලයක් ඇත.

8. ඔබ කල වරද සහ ඊට අදාල නීති සංග්‍රහය පවසන තුරු පොලිසියට ඔබේ රියදුරු බල පත්‍රය ලබා ගන නොහැක.
පොලිස් නිලධාරියෙකුට ඔබ වලංගු රියදුරු බලපත්‍රයක් තිබේ දැයි පරික්ෂාකිරීමට අයිතිය ඇත. ආඥා පණතේ 135 වගන්තිය අනුව, රියදුරෙකු රථය තුල හෝ තමා ලඟ රියදුරු බලපත්‍රය තබා ගැනීම අනිවාර්යවේ. පරික්ෂාවක් සඳහා විමසූ විට එය ලබා දිය යුතුවේ.

9. ඔබේ රියදුරු බලපත්‍රය බලෙන් තබා ගැනීමකදී ප්‍රදේශ බාර පොලිස් පරික්ෂකතුමා හෝ නියොජ්‍ය පොලිස් අධිකාරිතුමාට පැමිණිලි කර එය ලබාගත් නිලධාරියාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත හැක.
මාර්ග නීති කඩ කිරීමක් සඳහා පරික්ෂාවට ගත් රියදුරු බලපත්‍රයක් තම බාරයට ලබා ගැනීමට පොලිස් නිලධාරියාට හැකියාව ඇත. එවන් අවස්ථාවකදී කොන්දේසි සහිතව තාවකාලික බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.

10. අධික වේගය සඳහා දඬුවම් කරන අවස්ථාවකදී, වේග පරික්ෂා උපකරණයේ දත්ත සටහන ඉල්ලා සිටීමට අයිතියක් ඇත. තවද මෙම උපකරණ බොහොමයක් ක්‍රියා විරහිතව ඇති අතර පොලිස් නිලධාරින් අනුමානයෙන් දඩ නිකුත් කරනු ලැබේ.
මෙයද නිරවද්‍ය නොවන අතර අපරික්ෂාකාරි ධාවනය යටතේ කටයුතු කිරීමට පොලිස් නිලධාරියාට බලය ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!