Gossip

“මම මොනවා කිව්වත් මගේ දඬුවම වෙනස් වෙන්නේ නැහැ – මම ඔහුව මැරුවේ නැහැ “- මරණ දඬුවම දෙන්න කළින් කාන්තාවක් කියපු දේ

පිහියකින් ඇන සිය අනියම් සැමියාව ඝාතනය කරන ලද බවට අධිචෝදනා ලබා සිටි කාන්තාවක්‌ එම අධිචෝදනාවට වරදකරු කරනු ලැබූ හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය ඇයට මරණ දඬුවම නියම කෙරුණා.

ඇය කොස්‌වත්ත තුලාවල ප්‍රදේශයේ පදිංචිකාරියක්. සිද්ධිය වන විට ඇය සිය අනියම් සැමියා වූ මියගිය අය සමග මාරවිල පොලිස්‌ වසමට අයත් තබ්බෝව ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට තිබෙනවා.

2011 ජුලි 18 හෝ එයට ආසන්න දිනයක තබ්බෝව දී මණ්‌ඩාවල කංකානමලාගේ සුජිත් නිලන්ත යන අයගේ මරණය සිදුකර දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනීමැරීමේ වරද සිදුකරන ලදැයි ඇය අධිචෝදනා ලබා සිටියා. චූදිත කාන්තාව මෙන්ම මරණකරුද නීත්‍යනුකූලව විවාහවී සිටි අය බව නඩු විභාගයේදී හෙළිව තිබුණා. එමෙන්ම නඩු විභාගයේදී චූදිත කාන්තාවගේ විවාහක සැමියාද අධිකරණයේදී සාක්‌ෂි දී තිබෙනවා.

සියලු සාක්ෂි සළකා බලා මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය අධිචෝදනා පත්‍රයේ සඳහන් වරදට වරදකාරිය කළා.

ඇයට මරණ දඬුවම ප්‍රකාශ කිරීමට පෙර ඇයට විරුද්ධව මරණීය දඬුවම ප්‍රකාශ නොකිරීමට හේතු ලෙස කිසිවක්‌ කීමට ඇත්දැයි මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය විමසා තිබෙනවා.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ මා හට දෙන දඬුවම දැන් ප්‍රකාශයට පත්කර හමාරයි. මම මොනවා කීවත් මේ තීන්දුව වෙනස්‌ නොකරන බව මම දන්නවා. මම උසාවියට බොරුවක්‌ කියා නැහැ. මම ඔහුව ජීවිතක්‌ෂයට පත් කළේ නැහැ යනුවෙන් පවසා තිබෙනවා.

කෙසේවෙතත් මහාධිකරණ විනිසුරුතුමිය ඇයට මරණ දඬුවම නියම කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!