Gossip

නදීමාල් ගැන ගන්න ඉදිරි ක්‍රියාමාර්ගය මොකද්ද? පොලිසියෙන් කියපු දේ මෙන්න

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ යොවුන් ගායක නදීමාල් පෙරේරාගෙන් සහ බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුමාර හෙවත් කුරේ නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මේවන විට ප‍්‍රශ්ණ කිරීම් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ එම ප‍්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කෙරෙන බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පෙන්වා දුන්නේ. “මෙම දෙදෙනා පසුගිය පෙබරවාරි 03 වැනිදා ඩුබායි බලා පිටව ගොස් තිබෙනවා. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් වයස අවුරුදු 24ක් වූ සංජු ගීත් නදීමාල් පෙරේරා නැමැති අය. අනෙක් අය වයස අවුරුදු 52ක් වූ කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර. දැනට මේ දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා. ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මේ දෙදෙනා ගැන ගන්න ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කෙරෙනවා.” යනුවෙනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!