Gossip

“මම තවම කවි ලියමි – ගිය නුඹට පින් පතා” – දසුන් මියගිහින් අවුරුද්දකට පසු ශලනි දසුන් වෙනුවෙන් හඬා වැටෙයි

ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිෂාන් සමුගෙන ඊයේ දිනයට අවුරුද්දක් සපිරුණා.

මේ වෙනුවෙන් දසුන්ගේ හිතවතුන් ඔහුට පින් අනුමෝදන් කර පිංකම් පවත්වා තිබුණා.

කෙසේවෙතත් මේ වන විටත් දසුන් ගැන මතකය අමතක කරන්නට ඔහුව ලඟින් ඇසුරු කරන්නන් හට නොහැකි වෙලා තිබෙනවා.

ඒ අතරින් කෙනෙක් තමයි ජනප්‍රිය නිළි ශලිනි තාරකා.

ඉතින් ශලිනි සමාජජාල මාධ්‍යයන්වෙත මේ ගැන කියලා තිබුණේ මේ විදියට.

එදත් අද වගේ වැහි දවසක්..,
සීතලට පොද ඉහින
මල් වැස්සේ නොතෙමීම
එදා මම කවි ලීවා
නුඹ ලගින් උන් නිසා
ලග ඉදන් නෙතු අයා
වැහි පොදින් හිත තෙමා
කවියකට හිත වැටිලා
නුඹත් මට පෙම් බැන්දා

එදත් අද වගේ වැහි දවසක්..,
සැර අකුණු හඩ ඇසී
හදවතම දෙදරැම් දෙද්දි
එදා මං කවි ලීවා
නුඹ මගේ නොවු නිසා
සැඩ සුලග හමාවත්
හද අදුර නෙමැකුනු නිසා
කවියටම හිත බැදිලා
නුඹ තවත් පෙම් බැන්දා

එදත් අද වගේ වැහි දවසක්..,
ඝන අන්දකාරයෙන්
ලොවම ගිල්වු එදා
කදුලු කවියක් කරම
මම නුඹට කවි ලීවා
මත්වෙලා ආදරෙන්
මගේ කවි නොඅසාම
කදුලකට තිත තියා
නොකියාම නුඹ ගියා

එදත් අද වගේ වැහි දවසක්..,
වැහි අදුරැ මැකිලා
හිරැ ඒවි එබීලා
ඒත් නුඹ නැති නිසා
හිත අදුරේ ගිලීලා
නිදන නුඹ ගැන සිතා
සැනසිල්ලේ ඇති කියා
මම තවම කවි ලියමි
ගිය නුඹට පින් පතා
~ශලනි~

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!