Gossip

“මම කිව්වා සහනයක් දෙන්න කියලා.. ඒත් දඩ කොලේ ඇරෙන්න කිසිම සහනයක් මට ඔහු දුන්නේ නෑ..” දඩ කොලේ දීපු පොලිස් නිලධාරියා සමඟ යුගදිවියට පා තැබූ ජනප්‍රිය නිළියගේ කතාව මෙන්න

නෙතූ ප්‍රියංගිකා කියන්නේ පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් රසික හදවත් දිනාගත්තු ජනප්‍රිය රංගන ශිල්පිණියක්.
ඇය ගැන පසුගිය කාලේ වැඩියෙන්ම කතා වුණේ මාර්ග නීතියක් කඩපු වරදට ඇයට දඩ කොලයක් දීපු පොලිස් නිලධාරියෙකු සමග පෙම් සබඳතාවක් පවත්වනවා කියන කතාව නිසා.
ඒ ආදර කතාව යුග දිවියට දක්වාම දිගහැරුණා.
පසුගියදා යුගදිවියට පා තැබූ ඔවුන් සතිඅන්ත පුවත්පතකට මේ ආදර කතාව ගැන කියලා තිබුණා.

කොහොමද මේ ආදර සම්බන්ධය පටන් ගත්තේ…?
දඩ කොලයක් හරහා තමයි. ඒ කියන්නේ මම මාර්ග නීති උල්ලංඝනය කරලා වාහනය නවත්වන්න බැරි තැනක වාහනය නවැත්තුවා.
මම එනකොට දඩකොලයක් ලියනවා. ඒ හරහා තමයි අදුර ගත්තේ. ඒක තමයි අපේ පළමුවැනි මුණ ගැසීම. මං ඊට කලින් දවසෙත් පයින් ඇවිදගෙන යද්දිත් එයාව දැක්කා. එයා මගේ වාහනය කියලා දැනගෙන නෙවෙයි දඩ කොළය ලිව්වේ. මම දුවගෙන එතැනට ආවට පස්සේ තමයි මගෙන් ඇහුවෙ ඔයාගෙද කාර් එක කියලා. මෙතැන නවත්තන්න බැරි තැනකනේ නවත්තලා තියෙන්නේ කියලා කිව්වම මම කිව්ව මොකක් හරි සහනයක් දෙන්න කියලා. ඒ වුණාට මට දඩ කොලේ ඇරෙන්න කිසිම සහනයක් නම් දුන්නේ නැහැ.
පස්සේ දවසක ෆේස්බුක් එකෙන් හායි කියලා මැසේජ් එකක් දාලා තිබුණා. ඒ පටන් ගත්ත සම්බන්ධය තමයි මේ 25 වෙනිදා විවාහය දක්වා ආවේ.

විවාහයෙන් පස්සේ කොහෙද පදිංචිය?
කොට්ටාවේ තමයි පදිංචි වෙන්නේ. මගේ කලා කටයුතු සහ හස්බන්ඩ් වැඩ කරන්නෙත් කොළඹ ආරක්ෂක අංශයේ. ඒ නිසා අපි දෙන්නා පදිංචි වෙන්නේ කොළඹ තමයි.

සැමියා නීති දාන්නේ නැද්ද රඟපෑමට?
අපි හම්බවුණ මුල් අවුරුද්දේ අපි අතර ක්ෂේත්‍ර දෙකක් නිසා ගොඩක් ප්‍රශ්න තිබුණා. මට අත්දැකීමක් තිබුණේ නැහැ ආරක්ෂක අංශයේ කෙනෙක් එක්ක කොහොමද ජීවත් වෙන්න ඕනෑ කියලා. මගේ කාර්යබහුලත්වයත් එක්ක මට ඒක කොයිම විදිහකටවත් ගලපාගන්න බැරි වුණා. එයාටත් එහෙමයි.
හැබැයි ඒ ප්‍රශ්න නිසා අපි දෙන්න ඈත් වෙනවා කියන තැනට ආවෙත් නැහැ. මොකද ඒ වෙනකොටත් අපි ගොඩක් ආදරේ කරන්න පටන් අරන් තිබුණේ. ඊට පස්සේ අපි ඒ ප්‍රශ්න වලට නිකම්ම හුරුවුණා. ඒ කාලේ ෂූටින් ගියහම එහෙම ප්‍රශ්න තිබුණා. එයා නිතරම හොයලා බලනවා. එයා ඩියුටි වෙලාවට මම කෝල් කරලා කරදර කරනවා. ඒ වගේ මුල් අවුරුද්දේ ගලපා ගැනීමේ හරිම ප්‍රශ්න තිබුණා. ඒක පස්සේ හරිගියා.

විවාහයෙන් පස්සෙත් දිගටම රඟපානවාද?
අනිවාර්යෙන් විවාහයෙන් පස්සෙත් දිගටම රඟපානවා.
රංගනයේදී මොනවද සැමියා දාලා තියෙන නීති ?
එයා මං ගැන දන්නවා. මම මටම කියලා සීමා ටිකක් පනවාගෙන තමයි අවුරුදු ගානක් මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. ඉතින් මම රංගනයේදී කොයිම අවස්ථාවක මොනතරම් ලොකු චරිතයක් ලැබුණත් කොච්චර හොඳ සිනමා නිර්මාණයක් වුණත් මගේ සීමාවෙන් පිට යනවානම් විශේෂයෙන් ඇදුම සහ චරිතයේ ස්වභාවය පිළිබඳව මම ඒක භාර ගන්නේ නැහැ. එයාට අමුතුවෙන් සීමා දාන තැනක මම මේ ක්ෂේත්‍රයේ ඉදලා නැහැ. එයාට මං ගැන ලොකූ පැහැදීමක් තියෙනවා. මං පොඞ්ඩක් කම්මැලි වුණොත් එයා තමයි උනන්දු කරන්නේ. ඒ නිසා මට හරි පහසුයි ඒක.

ගෙදරින් දෙන්නටම කැමැත්ත දුන්නද?
මුල් අවුරුද්දේ නම් එහෙම ප්‍රශ්න ටිකක් තිබුණා. ඒ කියන්නේ වැඩිහිටියන්ට අපිට වඩා අත්දැකීමෙන් ඒවා තේරෙනවා. ඇත්තටම ආදරේ කරලා එකතු වෙන්න ඕනෑ කියලා හිතනවනම් ක්ෂේත්‍රය මොකක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. දැන් නම් ගෙදර අයට එයා ගැන ලොකූ පැහැදීමක් තියෙනවා. මොකද අවුරුදු හතරක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ. මගේ හැම වැඩකදීම කොච්චර කාර්යබහුල වුණත් එයා මට උදව් කළා. මට එයා වගේ කෙනෙක් හම්බවුණ එක ගැන ගොඩක් සතුටුයි.

ක්ෂේත්‍රයේ ආපු ගමන ගැන තෘප්තිමත්ද?
මේක මම තනියෙම ආපු ගමනක්. මගේ කිසිම කෙනෙක් කොළඹ හිටියේ නැහැ. මගේ හිතේ තිබුණා මම මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යනවා කියලා. මම කළින් පෞද්ගලික ආයතනයක වැඩ කළේ. ගොඩක් මිනිස්සු මාව අදුර ගත්තේ ජීවිතේ ලස්සනයි ෆිල්ම් එක හරහා. හැරිලා බලද්දි ලොකු සතුටක් තියෙනවා. මම ලොකූ වැඩ ප්‍රමාණයක් කරපු නැති කෙනෙක්. කරපු වැඩ ටික හරි ගුණාත්මකයි. ඒකත් එක්ක පාරෙ යනකොට මිනිස්සු තාමත් කතා කරනවා.

වෘත්තීමය රංගන ශිල්පිණියක්ද?
අනිවාර්යෙන්ම ඔව්.

වර්තමානයේ ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?
දැන්නම් හොඳ නිර්මාණ අපිට දකින්න ලැබෙනවා.
පසුගිය කාලේනම් විදේශ ටෙලිනාට්‍ය ගොඩක් තිබුණා. දැන් නම් ඒ දේවල්වලින් මිදිලා හොඳ නිර්මාණ බිහි වෙනවා. ගොඩක් දක්ෂයින් සහ අලූත් කට්ටිය ඉන්නවා. ඒ අයට තැන දෙන්න ඕනෑ. මං ආව මුල් කාලේ ගොඩාක් කැපිලි කෙටිලි තිබුණා.

විවාහ වුණහම අධ්‍යක්ෂකවරු වැඩ දෙන්නේ නැහැ කියන්නේ ඇත්තද?
කිසිම විදිහකින් ඒක අනුමත කරන්නේ නැහැ. ඒක මාධ්‍ය විසින් හදා ගත්ත දෙයක්. නිර්මාණයක් කරන්න නියම අධ්‍යක්ෂකවරයෙකුට එයා කසාද බැඳලද” ළමයි ඉන්නවාද” ඩිවෝස් වෙලාද කියන එක අදාළ නැහැ. අපි ප්‍රෙක්ෂකයන්ට හැමවෙලේම ඇත්ත කියන්න ඕනෑ.

ආසාවෙන් කරන්න කැමැති මොන වගේ චරිතද?
මම මුල ඉදන්ම කැමැති වුණේ ගැමි චරිතවලට. නමුත් මට නොලැබුණේම ඒ චරිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!