Gossip

මම කරන්නේ මට හිතෙන, මම තෘප්තිමත් වෙන දෙයක් විතරයි – දුලානි අනුරාධා

තමන්ට රගපාන්න ලැබෙන පළමු චිත‍්‍රපටයෙන්ම හොඳම නිළිය ලෙස සම්මාන ලබන දුලානි අනුරාධාව කාලෙකින් සිනමා තිරයේ හෝ ටෙලි තිරය මත දකින්න ලැබුණේ නැහැ. වෘත්තියෙන් ගුරුවරියක වන දුලානි අද වෙද්දි රංගනය හැර ගිහින්වත්ද?
මේ ඒ ගැන සතිඅන්ත පුවත්පතකට ඇය කියපු කතාවක්.

දුලානි ඇයි මේ නිහඩ ?
රංගනය පැත්තෙන් මම නිහඩ නැහැ. ඒ අතර කරපු චිත‍්‍රපට තුනක් සහ ටෙලි නාටයක් එන්න තියෙනවා.

ඒ නිර්මාණ වල තොරතුරු මොනවාද ?
පෙර කියූ චිත‍්‍රපට වලින් දෙකක්ම ළමා චිත‍්‍රපට. ඒවගේ ප‍්‍රධාන චරිතයේ ඉන්න ළමයාගේ අම්මාගේ චරිතයයි මම කළේ. ඉලක්කය කියලා ටෙලි නාට්‍යයකත් රගපෑවා.

දුලානි තරමක් කොළඹින් දුර බැහැර ජීවත්වීමත් වෙනත් වෘත්තියක නිරත වීමත් නිර්මාණ දිවියට බලපාලද ?
නිර්මාණ වලට කතා නොකරම නෙවෙයි. දුර ප‍්‍රශ්නයයි නිවාඩු ප‍්‍රශ්නයි එක්ක සමහර ඒවා කරගන්න අපහසුයි.

දුලානිගේ කලා දිවියේ යම්කිසි වෙනස් රටාවකට නේද ගලායන්නේ ?
මම ටිකක් තෝරගෙන වැඩ කරන්නේ. ලැබෙන හැමදේම කරන්න මම කැමැති නැහැ.
චරිතය මට හොදට කරන්න පුළුවන් කියලා අපි ආසම කරන දෙයක් අපිට ලැබෙන්නේ හරිම කලාතුරකින්. එහෙම දෙයක් ලැබුණහම කරගන්න වෙලාවක් ඉතිරිවෙන විදහටයි මම වැඩ කරන්නේ.

සමහර ප‍්‍රවීණයන්ගේ මැසිවිල්ල වන්නේ දැන් රගපාන්න හොද නිර්මාණ නැහැ කියලයි. මේක ඔබටත් පොදු කියමනක් ද ?
හොද නිර්මාණ තියෙනවා. හැබැයි බිහිවෙන දේවල් විශාලයි. ඒ විශාල කොටස අතරේ හොද දේවල් මතු වෙන්නේ නැති බවක් තියෙන්නේ. ජනප‍්‍රිය දේවල් වලට රූපවාහිනි නාලිකා ඉඩ ලබාදෙන නිසා හොද නිර්මාණ මගහැරී යනවා.

දුලානිගේ මුල් අවධියට සාපේක්ෂව අද ඔබ ගේ රංගන දායතක්වයන් ප‍්‍රබලව දැනෙන්නේ නැහැ කිව්වොත් ?
මට ලැබුණ දේවල් ගැන සතුටු වෙනවා. මගේ පළමු චිත‍්‍රපටය වෙන්නේ අබා. ඒ නිර්මාණය හරහා මට වසර දෙකක් හොදම නිළිය සම්මානය ලැබෙනවා.
ඒ මුල් කාලේ මට දැනුණ ඒ තිබුණ මගේ රංගන කුසලතාවයට වඩා මට ලැබුණ දේවල් වලට වඩා මේ කාලේ මට කරගන්න බැරි දේවල් ඇවිත් තියෙනවා.
සමහර චරිත රගපාන්න ආසවුණාට අපේ මේ සමාජයත් එකක් ගුරු වෘත්තියත් එක්ක පෞද්ගලිකව මං කියන කෙනත් එක්ක මට කරන්න බැරි වෙනවා.
මම ඒවා නොකළත් සමාජයෙන් ඒ චරිත කරන්න පුළුවන් අයට ඒවාට නිදහස හා ගෞරවය ලැබෙනවා නම් නම් හොද නිර්මාණ ටිකක් අපේ රටේ මිනිස්සුන්ට දැකගන්න ලැබෙයි. ගොඩක් නිළියෝ සමහර චරිත කරන එක අදිමදි කරනවා සමාජයෙන් ලැබෙන ප‍්‍රතිචාර විදගන්න බැරිනිසා. ගැහැණියත් මේකත් එක් කහැප්පෙනවා කියන්නේ එයා අනිවාර්යයෙන් පරාජයට පත් වෙනවා කියන එක. ඒ නිසා ඔවුන් මෙවැනි චරිත මගහරිනවා.

ඒක තරම් පටු සීමාවක රැදිලා කලාව කරන්නවීම ගැන පසුතැවෙනවාද ?
ඒක හරි ඛේදජනකයි. කලාවක් බිහිවෙන්න බැහැ එහෙම දේවල් තියෙනකොට. ඉන්දියාව මේ වෙද්දි ගිහින් තියෙන දුර අපිට යන්න බැහැනේ.
ඒක අපේ රට ඇතුළෙන් හැදෙන්න ඕන එකක්. මිනිස්සුන්ගෙ මානසිකත්වය මේ සංස්කෘතිය හරහා රංගන ශිල්පියා හා ශිල්පිණිය කියන කෙනාට ඒ නිදහස දෙන්න ඕනෑ. ඒක මේ සමාජයේ හැදෙන්නේ නැහැ.

අනෙක් නිළියන් හා ගත්තහම දුලානි කලබල ගමනක් යනවා කියලයි මට දැනෙන්නේ?
මම කරන්නේ මට හිතෙන මට තෘප්තිමත් වෙන දෙයක් විතරයි. මට ජනප‍්‍රිය වෙන්න වුවමනාවක් නැහැ. මම කැමැති මට හොදට රගපාන්න පුළුවන් මිනිස්සුන්ට යමක් දෙන්න පුළුවන් දෙයක් තියෙන චරිතයක් කරන්නයි. නමුත් එක් වෙනත් රංගන ශිල්පියෙකුට වෙනස් වෙන්න පුළුවන්. සමහර අය ජීවත් වෙන්නේ මේක හරහා. නමුත් තවත් සමහර අය හැමදේම කරන්න ආසයි. හැබැයි මම එහෙම නැහැ. ඒකයි මා තුළ තියෙන වෙනස.

දුලානි රංගනයට වඩා ගුරු වෘත්තියට තැනදීලා වගෙයි ?
මම කොයි වෙලාවකවත් කියන්නේ නැහැ මම ගුරු වෘත්තියට ඕනෑවට වඩා නැඹුරු වෙලා කියලා. මට කරන්න ලැබෙන හොදම දේ මම අනිවාර්යයෙන් කරනවා. මම හොද දේ මගහැරගෙන යන්නේ නැහැ. එයිනුත් මගේ සීමාව ඇතුලේ මම කැමැත්තෙන් කරන දෙයක් තමයි මට ලැබෙන හැම දෙයක්ම කොහොම හරි කරනවා කියන තැනක නැහැ.

නර්තනය ගැන ශාස්ත‍්‍රීය හා සහජ හැකියාවන් පිරි ඔබ තරු තරග වදින නර්තන වැඩ සටහන් මග හරිනවා ?
මම තරගකාරිත්වයකට පොඞ්ඩක්වත් කැමැති නැහැ. මම නිදහසේ ජීවත් වෙන්න ආසා කෙනෙක්. පොඩි කාලේ ඉදන්ම වේදිකාවේ නර්තනය ඉදිරිපත් කරලා තියෙනවා. මම හොද නර්තන කලාවක් ප‍්‍රගුණ කරලා තියෙන කෙනෙක්. කලාකරුවෙක් විදිහට ගෞරවාන්විතව නර්තනයක යෙදෙන්න පුළුවන් එකක් කරනවා හැර අපේම කට්ටිය එක්ක තරග වැදිලා ඒක මත්තේ නහින්නේ නැහැ. පොඩි කාලේ ඉදන් නටපු කෙනෙක් විදිහට මගේ ඒ ආසාව ගිහින් තියෙන්නේ.
මම ආසා වුණේ නර්තනය ඉගෙන ගන්නයි. මම එහෙමයි කියලා එහෙම කරන අයට වරදක් කියන්නේ නැහැ. ඒක එයාලගේ කැමැත්තිමමත් පුළුවන් විදිහට ඒ අයගේ දේවල් රස විදිනවා.

ගුරුවෘත්තිය නිසා සෙසු නිළියන් සේ විලාසිතාවන් කරන එකත් සීමාවෙලාද ?
රංගන ශිල්පිණියක් වෙන්න කලින් ඉදන්ම ලස්සනට ඇදලා විලාසිතා කරලා ඉන්න කෙනෙක්. කාන්තාව කියන කෙනා ලස්සනට ඉන්න ඕනෑ කියන තැන හිටිය කෙනෙක්.
දැන් මම අනවශ්‍ය දේවල් කරගෙන ගොඩක තැන් වලට යන්නේ නැහැ. ඒක තේරුමක් නැහැ කියලයි මම හිතන්නේ.

දුලානි කලා ලෝකයේ උත්සව සම්භාෂණවලටත් අඩුවෙන් යන කෙනෙක්ද ?
එහෙම නැහැ. කිසිම දෙයක් මග හරින්නේ නැහැ. හැබැයි එක දවසක වැඩ තුනක් හතරක් ලැබුණොත් ඒ හැම තැනකටම දුවන්න උත්සාහ කරන්නේ නැහැ.

 

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!