Gossip

“කෑගසා මුලු පාසලම දෙදරන තරම් හයියෙන්.. කිව්වේ මං මැරෙනවා සත්තයි පොලොවෙ අත තියමින්..බලද්දි මං බැනර් එක දෙස ආයෙමත් හැරෙමින්.. මියැදුනා හදවතින් එතැනම සියදහස් වාරයකින්”

පාසල් ප්‍රේමයේ අත්දැකීම් බොහෝ දෙනෙකුට තියෙනවා.
සමහරු පාසල් ප්‍රේමයෙන් ඈත් වෙලා ඉද්දි තවත් සමහරු ඒ ප්‍රේමයට ගොඩක් ඇලුම් කරනවා.
සමහරු පාසලේදී හිත බැදුනු පෙම්වතා හෝ පෙම්වතිය සමගම මතු කලකදී යුගදිවියට පාතබනවා.
කෙහොම වුණත් සමාජය තුලනම් පාසල් ප්‍රේමය අනුමත කරන්නේ නැහැ.
ඒත් පාසල් කාලයේ පෙම් කරන තරුණ තරුණියන්නම් හිසේ කෙස් ගාණට ඉන්නවා.
මේ ප්‍රේමය අහිමිවුණොත් ඒක කෙනෙකුට දරාගන්නත් අමාරු වෙන්න පුළුවන්.
සමහර වෙලාවට ආයෙමත් දකින්න බැරි විදිහටම ඈත් වුණොත්..?
ඒ විදිහට සඳහටම අහිමිවුණු පෙම්වතෙක් වෙනුවෙන් පෙම්වතිය තැබූ සංවේදී සටහනක් අපිට හමුවුණා..

මේ එම සටහනයි….

“හිත සිත්තම් අහස උසට පුරෝගෙන හිත
අස්සේ…
උසස් පෙළ ඉහලින්ම දිනුමයි මගෙ හිතෙ
තිබ්බේ..
ඉල්ලද්දි ඔබ මගෙන් හැමදාම රහසේ..
පෙම් කළා ඔබටත් හොරෙන් මං ඔයා
නෑ දන්නේ..
සුපෙම් පෙම් පත් විසි කළත් මං යාලුවන්
මැද්දෙ..
ඔරවමින් ඔබ දිහා බැලුවත් තරහ නැ
තිබුනේ..
චණ්ඩියා ඔබ තමයි කාටත් අපෙ
ඉස්කෝලේ..
මගෙ හිතෙ විරයා ඔබ බව ඔබ නොදැනම
සිටියේ..
කෑගසා මුලු පාසලම දෙදරන තරම්
හයියෙන්..
කිව්වෙ මං මැරෙනවා සත්තයි
පොලොවෙ අත තියමින්..
ගැහි ගැහි මුලු හදවතම මම ඔබේ ඇස්
අස්සෙන්..
ආදරෙයි නොකියා ගියේ මං
ඇඩෙන්නට කලියෙන්..
නිවාඩුයි හරියට මාසයක් අයියෝ දැං
ගොඩක් පාලුයි..
විසේ කාරයගේ නාඩගම් බලන්නත්
ආසයි..
සත්තමයි මං කියනවා හෙට ආදරෙ
බෝමයි..
මුලු හිතම මම පවරනව සදහටම නුඹට
බාරයි..
යද්දි මං හරි ආඩම්බරයෙන් බිම
බලාගෙන සතුටින්..
පාසලෙ ගේට්ටුව සරසා තිබුනි සුදු
කොඩියෙන්..
බලද්දි මං බැනර්1 දෙස ආයෙමත්
හැරෙමින්..
මියැදුනා හදවතින් එතැනම සියදහස්
වාරකින්..
දුවගෙනම ඇවිදින් අනේ මං මහ සෙනග
මැද්දෙන්..
වහන්නට කලියෙන් ඔබේ රුව
පෙට්ටියේ පියනින්..
ආදරෙයි සදහටම ඔබ හට ඇහෙනවද
නොදනිමි..
ප්‍රථම සහ අවසාන හාදුව තබමි ඔබ
නළලෙන්..”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!