Gossip

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 40 ක්.. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල චරිත කිහිපයකටම ඇමති ධුර..?

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකටද ඉදිරියේදී අමාත්‍යධූර හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ට ප‍්‍රධාන වශයෙන් අමාත්‍යධූර ලැබෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

මෙතෙක් දිවුරුම් දුන් අමාත්‍යවරුන් අතරට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කිසිවෙකුත් ඇතුළත්ව නැහැ.

එමෙන්ම, එස්. බී. දිසානායක සහ සුසිල් පේ‍්‍රමජයන්ත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ඉදිරියේදී අමාත්‍යධූර හිමිවනු ඇති බවටද වාර්තා පළ වනවා.

6යේ කණ්ඩායම නියෝජනය කළ දයාසිරි ජයසේකර අමාත්‍යවරයෙකු ලෙස පසුගියදා දිවුරුම් දුන්නා.

මේ වනවිටත් කැබිනට් අමාත්‍යවරු 15 දෙනෙකු දිවුරුම් දී අවසන්.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව තවත් කැබිනට් අමාත්‍යවරුන් 15දෙනෙකු පත් කළ හැකි අතර රාජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 08දෙනෙකුද මේ වනවිට දිවුරුම් දී තිබෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පත් කළ හැකි රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු ගණන 40කට විය යුතු අතර තවත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධූර 24ක් පුරප්පාඩුව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!