Gossip

මම ඒ දේවල් ලියන්නේ හොඳින් කාල වේලාව අරගෙන – වැදගත් වෙන්නේ ඔයාවත් මමවත් නෙමෙයි අපේ හිතේ නිදහසයි – උමාලි තිලකරත්න

උමාලි තිලකරත්න කියන්නේ සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ රංගන ශිල්පිණියක්.

ඉතින් ඇයට ආදරය කරන රසිකයන් වෙත ඇය ඉන්ස්ටග්‍රෑම් සටහනක් යොමු කර තිබෙනවා.

මේ එම සටහනයි.

ආදරණීය රසිකයන් වෙත,
මම ඕගොල්ලන්ව දැනුවත් කරන්න කැමතියි, මම ජීවිතයෙන් ඉගෙන ගත්ත සහ නැති දේවල් තුලින් හැඟීම්, මගේ දැක්ම සටහන් කරන වෙනත් පොදු සමාජ ජාලා ගිණුමක් මට නෑ කියලා.
මම ඒ දේවල් ලියන්නේ හොඳින් කාල වේලාව අරගෙන, දයාව සෙනෙහස මුසු කරලා. තමන්ගේ හිත එක්ක සටනක යෙදෙන කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන්න. මොකද ඒක මට සතුටකට එහා ගිය දෙයක්. මට දැනෙන්නේ ඒක මගෙන් විය යුතු යුතුකමක් වගේ.
අපි හොඳම පාඩම් ඉගෙන ගන්නේ තමන් සමඟම සටන් කරනකොට.
මම කැමරාව ඉදිරියේ දී වීරයෙක් නෙමෙයි. ඒත් මම මාත් එක්ක ම සටන් කරනකොට මම මගේ ඇතුලාන්තයේ ඉන්න වීරයා ව හොයාගන්නවා. මම ඒ වීරයාව හොයාගන්නවත් එක්කම මම මගේ හිත එක්ක කරන ඒ සටන නවත්තනවා. මොකද, එතකොට තමයි මම හිතේ නිදහස හොයාගන්නේ.
මම ඒ දේවල් බෙදාගන්නේ මම ඕගොල්ලෝ ගැන සැලකිල්ලක් දක්වන නිසා. මොකද මට ඕනා ඕගොල්ලොත් තමන් ඇතුලේ ඉන්න ඒ වීරයාව හොයාගන්නවා දකින්න.
මට ඕනා ඕගොල්ලෝ හිතේ නිදහස් බව හොයාගන්නවා දකින්න. ඇත්තටම වැදගත් වෙන්නේ ඔයාවත් මමවත් නෙමෙයි,අපේ හිතේ නිදහස.
මම මගේ ඇතුලාන්ත නිදහස හොයාගෙන තියෙන්නේ. ඕගොල්ලොත් එහෙම කරලා නිදහසේ ජීවත් වෙන්න!

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!